මොග්ලි- ලෙජන්ඞ් ඔෆ් ද ජංගල් (Mowgli: Legend of the Jungle)
1893- 1895 කාලය තුළ රොඞ්යාඞ් කිප්ලින් විසින් ලියන මොග්ලි කතා 2016 වසරේදී ‘‘ද ජංගල් බුක්’’ නමින් ජෝන් ෆවුරෙව් විසින් අධ්‍යක්ෂණය කළ අතර, එම කතාවම තරමක වෙනස් ආකාරයකින් 2018 වසරේදී ඇන්ඩි සර්කිස් විසින් අධ්‍යක්ෂණය කළ ‘‘මොග්ලි- ලෙජන්ඞ් ඔෆ් ද ජංගල්’’ චිත‍්‍රපටය තුළින් රැුගෙන එයි. මොග්ලි යනු වචනයෙන් විස්තර කිරීමේදී ‘‘විකාර නිම්නය’’ ලෙස ස`දහන් වුවත්, එහි සැබෑ අරුත නම් තමාට ප‍්‍රමාණවත් නොවන ජීවීන්ගේ අනුකරණයන් හමු වූ විට මිනිසුන් තුළ ඇති වන නොසන්සුන් හැගීමයි. මෙම චිත‍්‍රපට දෙකෙහිම චිත‍්‍රපටයෙන් සියයට අසූවක් පමණ සීජීඅයි හෙවත් පරිගණකයෙන් ජනනය කරන ලද නිරූපණ මගින් ඉදිරිපත් කෙරේ. ඇන්ඩි සර්කිස්ගේ ‘‘මොග්ලි- ලෙජන්ඞ් ඔෆ් ද ජංගල්’’ චිත‍්‍රපටයේ කතා සාරාංශය මෙසේ ය. ඉන්දියානු වන සතුන් නරඹන්නන් පිරිසක් කැලෑවක ගමන් කරද්දී, ප‍්‍රචණ්ඩ බෙංගාල ව්‍යාඝ‍්‍රයෙකු වන ෂෙයාර් ඛාන් විසින් ඔවුන්ව වනාන්තර නීතිය කඩකරමින් දඩයම් කිරීම සහ මිනිස් පවුලක් ක‍්‍රීඩා සඳහා මරා දැමීම චිත‍්‍රපටයේ ආරම්භයේදී දක්නට ලැබේ. එයින් දිවි ගලවා ගන්නේ එක් දරුවෙකු පමණි. එම ස්ථානයට ඇදී යන බගීරා හෙවත් කඵ කොටියා, කා නම් ඇනකොන්ඩා ගැහැණු සත්වයා සහ බාලෝ නම්...