Posts

Showing posts from August, 2020

අසමත් රාජ්‍යයක out of Focus ජීවිතයක්- සූස්ති

Image
හිතට එකගව ජීවත් වීමට නොහැකිව සියදිවි නසා ගැන්මට උත්සාහ කරන සූසා නම් තරුණියකගේ ජීවිතේ අවසන් තත්පරය තුළ ඇති සිතුවිල්ල සිනමාපටයක් ලෙස නිර්මාණය වූ මොහොතකි සූස්ති. කළණ ගුණසේකරගේ තිර රචනයෙන්, යූ. ඒ. පල්ලියගුරුගේ නිෂ්පාදනයෙන්, කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කරන සූස්ති, චින්තක සෝමකීර්තිගේ කැමරා අධ්‍යක්ෂණයෙන්, චිමන්ත මහානාමගේ සංස්කරණයෙන් නිම වේ.   කළණ ගුණසේකර, සමනලී ෆොන්සේකා, ඩබ්ලිව් ජයසිරි, මොරීන් චාරුනී හා දිෂ්නි උමංගි රාජපක්ෂගේ විශිෂ්ඨ රංගන දායකත්වයෙන් සූස්ති හැඩගැන්වේ. කොළඹට ආසන්න ගොඩනැගිල්ලක් මතින් පහළට පැන සියදිවි නසා ගැනිමට සැරසෙන සූසා නම් තරුණියකගේ පසුපස රූපයකින් සිනමාපටය ආරම්භ වේ. නමුත් පැනීමට සැරසෙන අවසාන මොහොතේ එතැනට පැමිණෙන්නේ තරුණයෙකි. ඇගේ ක‍්‍රියාව නතර කරන්නේ ඔහුගේ වචන කිහිපයකි. ‘‘අන්තිම තත්පරේ හිත ගැස්සෙනවා. තත්පරේක ප‍්‍රශ්නයක් තියෙන්නෙ.’’ ඔහු ද සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත. ඔහුගේ ඉල්ලීම, හතර දිග්භාගෙ ගිහින් ඇවිත් මිය යාමයි. ‘‘හැබැයි එක පොරොන්දුවක්. මැරෙන්නම  ඕන.’’ තරුණයාගේ ඉල්ලීම මත, දින හයක් රට වටේ ඇවිද නැවත කොළඹට පැමිණ සියදිවි නසා ගැනීමට ඇය එකග වේ.  සූසා පවතින...

ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය

Image
1938 වසරේදී ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන් විසින් සම්පාදනය කළ නවකතාවක් ලෙස විජයබා කොල්ලය පාඨකයා අතට පත්විණි. ඔහුගේ නව කතා කිහිපයක්ම සිනමාවට නැගුණේ, ඔහු සතුව තිබූ ආඛ්‍යානය තුළ සිදුවිම් එකනෙක බද්ධව ගලාගෙන යෑමේ සුන්දරත්වය හේතුකොට ගෙනය. කැලෑ හඳ, රදළ පිළිරුව, සිරියලතා, දෙයියන්ගේ රටේ, දෛවයෝගය, හඳපාන, හිගන කොල්ලා සිනමාවට නැගුණු ඒ නවකතා ය. කැලෑ හඳට පමණක් දෙවැනි වූ, විසිපස් වතාවක් මුද්‍රණය කළ විජයබා කොල්ලය, මේ අතරට එකතු වන අලූත්ම නවකතාව යි. පාඨකයා අතට පත් වූ මෙම ඵෙතිහාසික නව කතාව සිනමා පේ‍්‍රක්ෂකයා වෙත ගෙනයෑමේ සොදුරු ආඥාදායකයා වන්නේ, මහාචාර්ය සුනිල් ආරයරත්නයන්. යශෝධරා චිත‍්‍රපටයේ නිෂ්පාදක එච්.ඞී. පේ‍්‍රමසිරි මහතා මෙහිදී ද නිෂ්පාදන කාර්යයෙන් දායක වේ.                    නව කතාවේදී ඩබ්ලියු. ඒ. සිල්වා බැඳ තිබූ ඒ සියුම් හුය නොබිදෙන විදිහට ඇතැම් උපාඛ්‍යාන ඉවත් කර මේ පේ‍්‍රම වෘත්තාන්තය හා ඉතිහාසය එකට බද්ධ කර ඇති විජයබා කොල්ලය චිත‍්‍රපටයේ තිර රචනය, තිස්ස අබේසේකයන්ගේ අවසාන තිර රචනයයි. නමුත් ඔහු මෙහි දෙබස් ලියන්නට පෙර අභාවප‍්‍රාප්ත වීම නිසා මහාචාර්ය සුනිල් ආරිය...

සැබෑ මිත‍්‍රත්වයට විශිෂ්ට ආදර්ශයක්- බිල්ලූ/ Billu Barber

Image
ගෞරි ඛාන් විසින් නිෂ්පාදනය කර, අධ්‍යක්ෂ ප‍්‍රියදර්ශන් විසින් වසරේදී අධ්‍යක්ෂණය කරන ලද බිල්ලූ, ජීවිතයේ  ඕනෑම මොහොතක සුළු දෙයක් ලෙස පෙනෙන දේ පසුව වැදගත් විය හැකි බව පිළිබිඹු කෙරෙන සිනමා පටයකි. ළමා මිතුරන් දෙදෙනෙකු අතර සැබෑ මිත‍්‍රත්වයට විශිෂ්ට ආදර්ශයක් ලබා දීමෙන් පේ‍්‍රක්ෂක හදවත ස්පර්ශ කරන්නා වූ විශිෂ්ට නිර්මාණයකි.  හින්දි සිනමාවේ විශිෂ්ඨ තරු වන ඉර්ෆාන් ඛාන්, ෂාරුක් ඛාන්, ලාරා දත්තා,  ඕම් පූරි, රාජ්පාල් යාදව් හා අස්රානි රංගනයෙන් දායක වන බිල්ලූ හි වඩාත් කැපී පෙනෙන රංගනය ඉදිරිපත් කරන්නේ බිල්ලූ බාබර්ගේ චරිතයට පණ පොවන ඉර්ෆාන් ඛාන් ය. චිත‍්‍රපටය ආරම්භ වන්නේ බිල්ලූ, බාබර් සාප්පුව සඳහා ව්‍යාපාරික ණයක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරියෙකුට අල්ලස් දීමට දැරූ මංමුලා සහගත අහිංසක උත්සාහයෙනි. නමුත් ඔහු එය ප‍්‍රතික්ෂේප කොට බිල්ලූව එළවා දමයි. බුද්බුඩා නම් අර්ධ නාගරික ඉන්දියානු ගම්මානයක වෙහෙස මහන්සි වී වැඩ කරන බිල්ලූ නිහතමානී බාබර් කෙනෙකි. ඔහු මාස කිහිපයක සිට විදුලි බිල්පත් සහ දරුවන්ගේ පාසල් ගාස්තු නොගෙවීමේ තත්ත්වය යටතේ ඇතිවන දැඩි ආර්ථික පසුබෑම නිසා ණයක් ලබා ගැනීමට උත්සාහ ගත් බව අවධාරණය කෙරේ. නි...

සමාජ අශිෂ්ඨත්වය ඉදිරියේ කාන්තාව වෙනුවෙන් කාන්තාවම පෙනී සිටින- හුස්ම

Image
මහා සංස්කෘතිය විසින් සගවන, විකෘති කාමාශාවන් සහිත පුරුෂයින් සෑම සමාජයකම අතොළොස්සක් වශයෙන් හෝ සිටිය හැකිය. ඒ අතර, මළ කාන්තා සිරුරු දූෂණය කිරීම පිළිබද තොරතුරු ලොව බොහෝ රටවලදී අසන්නට දකින්නට ලැබෙන තත්වයකි. 2015 දී ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කරන ලද හෙක්ටර් හර්නනෑන්ඞ්ස් වයිකන්ස් අධ්‍යක්ෂණය කළ  The Corpse of Anna Fritx   චිත‍්‍රපටයේ තේමාව, එයාකාරයෙන්ම ග‍්‍රහණය කර ගනිමින් 2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ‘‘හුස්ම’’ සිනමාපටය සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. එම තේමාවම 2020 දී ශ‍්‍රී ක‍්‍රිෂෝර්ගේ  Devi Sri Prasad  තෙළිගු චිත‍්‍රපටය තුළින් ද ඉදිරිපත් කෙරිණි. එම සිදුවීම්  ඕනෑම සංස්කෘතියක සිදු විය හැකි බැවින්, ලංකාවේ චරිත සහ ස්ථාන මුල් කරගනිමින් නිර්මාණයට පාදක කොටගෙන තිබේ.  ‘‘හුස්ම’’ සම්භාව්‍ය ගණයේ චිත‍්‍රපටයක් වශයෙන් හදුනාගැනීමට හැකි අතර, වැඩිහිටියන්ට පමණක් වන තේමාවක් නිසා පේ‍්‍රක්ෂකාගාරයේ තරමක අඩුවීමක් දක්නට ලැබිණ. සිනමාපටයේ සංකේත කියවීමට වඩා රංගන ශිල්පීන්ගේ දක්ෂතාව මත පේ‍්‍රක්ෂක ආකර්ශණය නිරන්තරයෙන් රදවාගැනීමට සමත් වේ. දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙ...