කම්පනයෙන් සවිමත් වූ මිනිසුන්ගේ කතාව- මාලන්ග් (Malang)
දුර්වල මිනිසෙකුට පවා දැනෙන දැඩි කම්පනය, වේදනාව ඔහුව ශක්තිමත් මිනිසෙකු බවට පත් කරන බව ප‍්‍රස්තුත කරගනිමින් දිගහැරෙන මාලන්ග් චිත‍්‍රපටය, 2020 දී තිරගත වන හින්දි රෝමාන්තික චිත‍්‍රපටයකි. මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කළ මාලන්ග් සදහා අනිල් කපූර්, ආදිත්‍ය රෝයි කපූර්, දීෂා පටානි සහ කුනාල් කෙමූ විශිෂ්ට රංගනයෙන් දායක වේ. රළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් පරීක්ෂක නිලධාරියෙක් වන අංජනේ අගාෂේ (අනිල් කපූර්), තමා හදුනන අපරාධකරුවන් මරා දමා සුහදශීලී හමුවක් අතර මරා දමන මානසිකත්වයෙන් යුතු වූවෙකි. චිත‍්‍රපටය මුල් කොටසේදී අගාෂේ සමග සුහද කතාවක නිිමග්ම වන අපරාධකරුවෙකු වූ ෆැමිලි රෙස්ටුරන්ට් එකේ හිමිකරුට වෙඩි තබා බෝඞ් එකේ ෆැමිලි කොටසට ද වෙඩි තැබීමෙන්, අගාෂේගේ විසිරගිය පවුල පිළිබද ඉගියක් මතු කරයි. අගාෂේගේ දියණියට ගෝවා වැටලීමකදී වෙඩි තැබූ බව පසුව මතු කරයි. අද්වයිට් (ආදිත්‍ය රෝයි කපූර්) යනු වසර පහකට පසු සිරෙන් නිදහස් වූ තරුණයෙකි. නිදහස ලැබීමෙන් පසු අද්වයිට් වහාම අගාෂේ අමතා පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක් ගැන දන්වා, ඔහුට සුබ සොලිස්ටිස් යනුවෙන් ප‍්‍රාර්ථනා කරයි. ඔක්තොම්බර් 24 සිට දෙසැම්බර් 24 දක්වා මාස දෙකක කා...