හුදෙකලා වූ අසීමාන්තික පේ‍්‍රම වෘත්තාන්තය- ‘‘96’’
ඉන්දීය දමිළ සිනමා පේ‍්‍රක්ෂකයන්ගෙන් ඔබ්බට ලෝකවාසී සිනමා ප්‍රේක්ෂක හදවත් වැළදගත්, සී. පේ‍්‍රම් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘96’’ චිත‍්‍රපටය අසීමාන්තික වූ පේ‍්‍රමයක නිිරූපණයක් සේ හැදින්විය හැක. 1996 වර්ෂයේදී තන්ජාවූර් හි පෞද්ගලික පාසලක 10 වන පන්තියේ සිටි සිසුවියක් වන ජන්කි දේවි නොහොත් ජානු (ත‍්‍රිෂා ක‍්‍රිෂ්ණන්) සහ ඇගේ පෙම්වතා ලෙස පෙනී සිටින සිසුවෙකු වන හුදකලා හදවතක් හිමි රාම් (විජේ සේතුපති) මෙහි කථා නායකයින් බවට පත් වේ. රාම්ගේ සහ ජානුගේ අතීතාවර්ජනයකින් මෙම ආදර කතාවේ බීජය නිරූපණය කළත්, සිනමාපටය වෙනත් කාල වකවානුවකින් ආරම්භ වේ. ඒ 1996න් වසර විස්සකට පසුව ය. මෙම අවධීන් දෙක තුළ දෝලනය වන සිදුවීම් පෙළකින් කථාව පැය දෙකහමාරක් දිවේ. රාම් ඡායාරූප ශිල්පියෙකු ලෙස හුදෙකලා ස්ථානවල ඇති සුන්දරත්වයම තම කැමරාව තුළ සටහන් කරගන්නේ මිනිස් හදවත් වෙනස් වුණත්, සොබා අලංකාරයේ ඇති සුන්දරත්වය සහ අවංකභාවය නොවෙනස් බැවිනි. ඔහු තම සංස්කාතියට සහ තම මිනිසුන්ට බෙහෙවින් ආදරය කරයි. තම ශිෂ්‍යයින්ට දිනය පුරා ජංගම දුරකථන ක‍්‍රියා විරහිත කර එකිනෙකා හා කථා නොකර ඡායාරූප නොමකා ලබා ගැනීමට පොළඹවන්නේ නිර්ව්‍යාජීත්වය රස ...