Posts

Showing posts from September, 2020

ළමා සොල්දාදුවෙකුගේ අනුවේදනීය මතකය- First They Killed My Father

Image
ලෝ ප‍්‍රකට අමෙරිකානු නිළි ඇන්ජලීනා ජොලි අධ්‍යක්ෂණය කළ පළමු සිනමා නිර්මාණය  First They Killed My Father   නම් කාම්බෝජ-ඇමරිකානු ඛමර් භාෂා චරිතාපදාන ඵෙතිහාසික ත‍්‍රාසජනක චිත‍්‍රපටය යි. ජාතික ඛේදවාචකයක් පිළිබඳ දුර්ලභ සිදුවීම් දාමයක් දරුවෙකුගේ ඇස්වලින් සහ මනසින් කියැවෙන අතර චිත‍්‍රපටයක් ආඛ්‍යාන කොටගත් මෙම නිර්මාණය, කෙමර් රූජ් විසින් කාම්බෝජය අත්පත් කර ගැනීමෙන් පසු, ලෝංග් උංග් නම් කුඩා දැරියගේ සහ ඇගේ පවුලේ අත්දැකීම් පිළිබඳ උංග්ගේ මතක සටහන්, ඇන්ජලීනා ජොලි සහ ලෝංග් උං විසින් නැවත රචනා කර ඇත.   කාම්බෝජයේ නළු නිළියන්ම භාවිතා කර, කාම්බෝජයේ ඛමර් භාෂාවෙන් රූගත කළ,  First They Killed My Father  චිත‍්‍රපටය සදහා විශ්ෂ්ඨ රංගන දායකත්වයෙන් එක් වන ශ‍්‍රීමොච් සාරියම් කථා නායිකාව වන ලෝංග් උංග්ගේ චරිතය පණ ගන්වයි. ඇගේ පියා වන පාං උං ලෙස එක්වන්නේ කොම්පීක් ෆියුන්ග් ය. සොචෙටා ස්වෙන්ග් මා උං ලෙස ත් රංගනයෙන් දායකත්වය ලබා දෙයි. වියට්නාම් යුද්ධය අතරතුර, අමෙරිකා එක්සත් ජනපද හමුදාව උතුරු වියට්නාම හමුදාවන්ට බෝම්බ හෙලීමට පටන් ගත් විට, කාම්බෝජයේ සිවිල් යුද්ධය ආරම්භ කරමින්, මධ්‍යස්ථ භූමියේ රැක...

අකාලික වූ පේ‍්‍රමයක තතු හෙළි කරන- මිදුණු විශ්වය

Image
වෙද හාමිනේ, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැුජන ටෙලි නාට්‍ය හා අග්නිදාහය, ගරිල්ලා මාර්කටින්, මහරජ ගැමුණු, සමනළ සංධ්වනිය හා ඝරසරප වැනි සිනමාපට පේ‍්‍රක්ෂකයා වෙත තිළිණ කරන ජයන්ත චන්ද්‍රසිරි නම් පර්යේෂණාත්මක නිර්මාණකරුවාගේ නවතම නිර්මාණය මිදුණු විශ්වය යි.  සිනමාකරුවාගේ පර්යේෂණාත්මක අත්හදා බැලීම් වල ප‍්‍රතිඵලයක් ලෙස මින් පෙර වෙනත් සිනමාකරුවෙකු අවධානය යොමු නොකළ ප‍්‍රස්තුථයක් ඔහු සියුම් ලෙස ගනහැර පායි. කාලාත‍්‍රය හරහා භවාන්තරයෙන් ගමන් කිරීමේ පෙරදිග චින්තනයේ කුණ්ඩලීනි ශක්තිය නම් දාර්ශනික පදනම මත සිට ඉදිරිපත් කළ අකාල සන්ධ්‍යාව මෙන්ම, බටහිර චින්තනයේ මනෝ විද්‍යානුකූල දාර්ශනික පදනමෙහි මෝහන කර්මය තුළින් කාලතරණයෙන් භවාන්තර වෙත ගමන් කෙරෙන කථාංගයක් මිදුණු විශ්වය මගින් ගෙන එයි.  වර්තමාන යුගයේ නාට්‍ය හා රංගකලා පුහුණු පාඨශාලාවක පුහුණුවීම් අතරතුර පුහුණුකරු වන වරේනිය විසින් කෙරෙන මෝහන කර්මයක් නිසා, පුහුණුවට පැමිණි සමධ්‍යා නම් තරුණියකගේ මනසින් වසර හැටකට පමණ පෙර ලංකාවේ ජීවත් වූ රාජිනී මදිරාක්ෂි නම් ප‍්‍රසිද්ධ සිනමා නිළියක් කාලතරණය කර භවාන්තරය හරහා විත් වරේනිය හා සංවාදයේ යෙදේ. ඔවුන්ගේ අදහස් හුවමාරුවේ ප...

මරණය ඉදිරියේ සිහින මවන ජීවිත රැගත්- දිල් බෙචාරා

Image
මුකේෂ් චබ‍්‍රා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘දිල් බෙචාරා’’ (අසරණ හදවත)    2020 දී ඉන්දියානු හින්දි බසින් තිරගත වන ආදර චිත‍්‍රපටයකි.  ජෝන් ග‍්‍රීන් ගේ 2012 නවකතාව වන ද ෆෝල්ට් ඉන් අපේ ස්ටාර්ස් මත පදනම් වන මෙම චිත‍්‍රපටය, ස්කොට් නියුස්ටැඩර් සහ මයිකල් වෙබර් විසින් රචනා කරන ලද මුල් තිර රචනය සඳහා අනුවර්තනය කරන ලද්දේ ශෂාන්ක් කයිතාන් සහ සුප්‍රෝතිම් සෙන්ග්පුටා විසිනි. සුෂාන්ත් සිං රාජ්පුත් සහ සංජනා සංගි ප‍්‍රධාන චරිත නිරූපණයෙන් දායක වේ. සුෂානත් සිංගේ ජීවිතයේ විශිෂ්ඨතම රංගනය දිල් බෙචාරා තුළින් ඉදිරිපත් කෙරේ. එසේම සුෂාන්ත් සිං රාජ්පුත් අවසන් වරට ර`ගපෑ චිත‍්‍රපටය වන්නේ ද මෙයයි. ඒ. ආර්. රහ්මාන්ගේ සංගීතයෙන් හැඩ ගැන්වෙන දිල් බෙචාරා හි ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අකල් වියෝව නිසා අන්තර්ජාලය මගින් පේ‍්‍රක්ෂකයින් වෙත පිළිගැන්විණි. කෙදිනක මැරෙන බව අමතක කර ජීවත් වන ලෝකයක, මරණය උරුමය කරගෙන, මරණය බලාපොරොත්තුවෙන් ජීවිතයේ සතුට සොයන මිනිසුන් පිළිබඳ විවරණයක් දිල් බෙචාරා චිත‍්‍රපටය තුළින් ගෙන එයි.  චිත‍්‍රපටය ආරම්භයේ සිටම තයිරොයිඞ් පිළිකාවකින් පෙළෙමින් මරණය බලාපොරොත්තුවෙ...

මළවුන් වෙනුවෙන් යුක්තිය හා සංහිදියාව අත්හැරි- පාංශු

Image
1987- 1989 භීෂණ සමය තුළ සොල්දාදුවන් විසින් රැගෙන ගොස් අතුරුදහන් කරන සිය පුතු සොයා ගැනීම සදහා නඩු විභාගයකට මුහුණ දෙන රදා කුල කාන්තාවක් වන බබානෝනා (නීටා ප‍්‍රනාන්දු), හදුනාගැනීමේ පෙරෙට්ටුවේදී පැහැරගැනීමට සම්බන්ධ වූ ලයනල් නම් සන්නද්ධ කල්ලි සාමාජික සෙබළා හදුනා ගනී. ඇය වෙනුවෙන් පෙනී සිටින රජයේ තරුණ නීතීඥයා (ජගත් මනුවර්ණ) කිසිදු උන්දුවක් නොමැතිව මාස ගණනාවක නඩු වාර කිහිපයක් දිග්ගස්වයි. නමුත් උසාවි භූමියේදී ඇයට හමුවන හමුදා සෙබළාගේ ගැබ්බර බිරිද (නදී කම්මැල්ලවීර), අසනීපයෙන් පසුවන සිය සැමියාට සමාව ලබා දෙන්නැයි බබානෝනාගෙන් අයදියි.  සයපෙති කුසුම ( Frangipani ) චිත‍්‍රපටය අධ්‍යක්ෂණයෙන් සිනමා කලාවට එක්වන, නීතීඥ විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවන නිර්මාණය පාංශු ය. කතාවට, තිරරචනයට, අධ්‍යක්ෂණයට මෙන්ම නිෂ්පාදනයට ඔහු විසින් දායකත්වය දක්වද්දී, දිමුතු දහනායක කාලිංගගේ කැමරා අධ්‍යක්ෂණයෙන් සහ සිතුම් සමරජීවගේ සංස්කරණයෙන් පාංශු හැඩගැන්වෙයි. නීටා ප‍්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ, රන්දික ගුණතිලක, සේවියර් කණිෂ්ක, ගයාන් ලක්රුවන්, මයුර පෙරේරා, නිල්මිණි බුවනෙක, ගේ‍්‍රස් ආරියවිමල්, යොහානි හංසික, මැල්කම් මචාඩෝ, ...