Posts

Showing posts from July, 2020

හතරවන බලාණ්ඩුවට පහර දුන් ලුයියයි ගුණයි- The Newspaper

Image
යුද්ධය මිනිසුන් මුළා කරයි. මාධ්‍යය ද මිනිසුන් මුළා කරයි. වගකිව යුත්තන් මෙන්ම කිසිදු සම්බන්ධකමක් නොමැති අහිංසක මිනිස් ප‍්‍රාණයන් එම මුළාවන්ගෙන් සාපලත් ජීවිත ගත කරයි. පොළොන්නරුව ගල්ලෑල්ල විහාරස්ථානයේ හිමියන්ට අනුව සියලූ දුක් කම්කටොලූ වලට හේතුව, පෙර සංසාරයේ කරපු අකුසල් ය. සිනමාපටයේ ආරම්භයේ පටන් අවසානය දක්වා දුඃඛාන්තයකි. අතරින් පතර සිනහවක් මතු කෙරෙන තැන් කිහිපයකි. නමුත් ඒ සිනාසෙන්නේ අපටම නොවේදැයි ඒ මොහොතේම පසක් වන විට, සිනහව අතුරුදහන් වන්නේය. ප‍්‍රවීණ රංගන ශිල්පීන් යුගලයක් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ප‍්‍රධාන රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සිනමා ශාලාවට ආ නවතම සිනමා සිත්තමයි, The Newspaper. සිනමාපටයේ ආරම්භක නාමාවලිය යටින් දිවෙන උඩුයටිකුරු වූ පුවත්පත් ලිපි පෙළකි. සමාජයේ නිරන්තර කථාබහට ලක්වන යුධ, අපරාධ ආදී සිදුවීම් ඒ පුවත්පත් ලිපි තුළ සනිටුහන් වේ. ගුණා (සරත් කොතලාවල) පොළේ ඉවත දමන එළවලූ වලින් කුණු වූ හරිය ඉවත් කර තම මෑණියන් පෝෂණය කරයි. ගොවියෙකු ලෙස කටයුතු කළ ගුණාට සහ මෑණියන්ට වසර අටකට පමණ පෙර ගම්වැසියන් විසින් පහර දී ගමෙන් එළවන්නේ, ගුණාගේ මල්ලී කොළඹ රැකියාව කරන කාලයේ, හමුදා බස්රථයකට එල්ල කළ ...

සම්ප‍්‍රදායික චින්තනයේ සිරකරුවා- එළිපත්තායම් (Elippathayam)

Image
අදුර් ගෝපාල ක‍්‍රිෂ්ණන් ගේ සිනමා කෘති අතරෙන් වඩාත්ම අවධානයට හසුවූ චිත‍්‍රපටය වශයෙන් ”මී උගුල” යන අර්ථය දෙන ”එළිපත්තායම්” සැලකිය හැක. මිනිසෙක් සිය පරිසරය අවබෝධ කොට ගෙන ඊට අනුවර්තනය වන්නට දැරූ උත්සාහයක්, එළිපත්තායම් තුළින් නිරූපණය වේ. මිනිසෙක් වෙනස් වන ලෝකය අවබෝධ කොට නොගෙන සිය සම්ප‍්‍රදායික චින්තන ගති පැවතුම් රටාව තුළට සිරකරුවෙක් වන ආකාරය මෙහිදී නිරූපණය කර ඇත.  එහි මුඛ්‍ය චරිතය වූ උන්නි වැඩවසම් ක‍්‍රමයේ නශ්ටාවශේෂයක් බදු චරිතයකි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය රාජම්මා විවාහක නමුත් ඔහු අවිවාහක ය. වැඩිමහල් දරුවන් පවා සිටින ඇය දේපල සහ අස්වැන්නේ සිය පංගුව අයිති කර ගැනීමට බලා සිටී. ගෙදර සිටින සොහොයුරියන් දෙදෙනාගෙන් රාජම්මා සිය සොහොයුරාට දාසියක මෙන් සියඵ ඇප උපස්ථාන කරමින් වයස අවුරුදු තිස් ගණනක් වුව ත් අවිවාහකව පසු වෙයි. බාලයා වන ශ‍්‍රීදේවි නව ලොවට විවෘත වූ මනසකින් යුක්ත ය. රාජම්මා ගෙනෙන විවාහ යෝජනාවට උන්නි විරුද්ධ වෙයි. ඊට හේතුව තව දුරටත් දේපල බෙදී යතැ යි පවත්නා බියකි. උන්නි අලසයෙක් වන අතර, ඔහුගේ සියඵ බැල මෙහෙවර රාජම්මා විසින් කළ යුතු ය. ඔහුගේ දෙපා පළදින සෙරෙප්පු දෙක පවා ළගට ගෙනැවිත් දිය යුතු ය. ...

ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග

Image
‘‘සංගීත කාමරේට ගිහිල්ල උඹ ගණන් හැදුවද? ගණන් ඉගෙන ගන්න  ඕන නෑ. ගෙදර ගිහින් එක ගාණක් හැදුවද? ගණන් හදන්න එපා. සින්දු කිය කියම හිටපං. තෝව දාන්න  ඕන හතරෙ පන්තියට නෙමෙයි. තුනේ පන්තියට. පලයං’’ ජ්‍යාමිතික මනසකින් හෙබි ගණිත ගුරුවරයෙකි.  ‘‘නිදහස් කරන්න පුඵවන්. කැලේට. සින්දු කියාපුවහම උන්ට කප්රුක පහළ වෙනව කියලද හිතේ.’’ ඔහුගෙන් නොහොබිනා වචන අසමින් වදනකින් හෝ ඊට එරෙහි නොවන සංගීත ගුරුවරියකි. මිනිසුන්ගේ මනසේ ධාරණ ශක්තිය පවතින්නේ රූප සංඥා මගින් හෝ අංක සංඥා මගිනි. රූප සංඥා මත පිහිටන පිරිස් කලාවට සෞන්දර්යයට වැඩි නැඹුරුවක් දක්වන අතර, අංක සංඥාවලින් ධාරණය කරගන්නා අය ගණිතයට විද්‍යාවට වැඩි නැඹුරුවක් ඇති කර ගනී.    එනිසා සාම්ප‍්‍රදායික ගුරු කේන්ද්‍රීය පොදු ඉගැන්වීමේ රටාව වෙනුවට වර්තමානය වන විට දියුණු රටවල සාර්ථකව ක‍්‍රියාත්මක වන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමය පිළිබදව වැඩි නැඹුරුවක් දක්නට හැක. මෙම සංකල්පය පදනම් කරගනිමින්, ලාංකේය අධ්‍යාපන ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේ, ගණිත විෂය ඉගැන්වීම යටතේ, පස්වන පන්තියේ භාග ඉගැන්වීම් පාඩමෙහි, විෂම භාග නම් වූ පාඩම හසුකරගනිමින් සමස්ථ අධ්‍යාපන පද්...

බිහිසුණු ඇසිඞ් ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් වදින- චපාක් (Chhapaak)

Image
සුප‍්‍රසිද්ධ ලේඛිකාවක් හා සිනමා අධ්‍යක්ෂවරියක් වන මේඝ්නා ගුල්සාර්ගේ නිර්මාණ අතර බුද්ධිමත් මාවතකට පේ‍්‍රක්ෂකයා රැගෙන යන විශිෂ්ඨ සිනමා කෘතියක් වන්නේ චපාක් නිර්මාණයයි. ඉන්දියානු සමාජයේ නිරන්තරයෙන් සිදුවන ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්වන කාන්තාවන්ගේ ඉරණම පිළිබද සංවේදනාත්මක හෙළිදරව්වක් චපාක් තුළින් මතු කෙරේ. 2005 දී බිහිසුණු ඇසිඞ් ප‍්‍රහාරයකින් පිළිස්සී දිවි ගලවා ගත් නවදිල්ලියේ පහළොස් හැවිරිදි දැරියක වන ලක්ෂ්මි අගර්වාල්ගේ සැබෑ ජීවිත කතාව සිනමාපටයක් මගින් ඉදිරිපත් කිරීමට බලපත‍්‍රයක් ලබාගත් ගුල්සාර්, සම ලේඛිකා ආටිකා වොහාන් සමග ඇගේ කථාව තිරයට රැගෙන එයි. මෙහි ප‍්‍රධාන චරිතය වන අගර්වාල්ගේ චරිතය මෝල්ටි ලෙස හදුන්වා දෙන අතර, දීපිකා පදුකෝන් ඇගේ චරිතයට රංගනයෙන් දායක වේ.  අර්ගවාල්ගේ කතාවේ සාරය එලෙසින්ම පවත්වා ගනිමින් නම් ගම් සහ වයස ආදී සැබෑ තත්වයන් තරමක් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරන චපාක් ආරම්භ වන්නේ 2012 දී දිල්ලියෙහි සමූහ දූෂණයට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කළ යුතු බවට කෙරෙන උද්ඝෝෂණයකිනි. එහිදී උද්ඝොෂණකරුවන්ට පොලීසිය පහර දෙන අතර, එක් මිනිසෙකු රූපවාහිනී කැමරාවක් ඉදිරිපිට ඇසිඞ් ප‍්‍රහාරයකට ලක් වූ තරුණියකගේ ඡා...

මොග්ලි- ලෙජන්ඞ් ඔෆ් ද ජංගල් (Mowgli: Legend of the Jungle)

Image
1893- 1895 කාලය තුළ රොඞ්යාඞ් කිප්ලින් විසින් ලියන මොග්ලි කතා 2016 වසරේදී ‘‘ද ජංගල් බුක්’’ නමින් ජෝන් ෆවුරෙව් විසින් අධ්‍යක්ෂණය කළ අතර, එම කතාවම තරමක වෙනස් ආකාරයකින් 2018 වසරේදී ඇන්ඩි සර්කිස් විසින් අධ්‍යක්ෂණය කළ ‘‘මොග්ලි- ලෙජන්ඞ් ඔෆ් ද ජංගල්’’ චිත‍්‍රපටය තුළින් රැුගෙන එයි. මොග්ලි යනු වචනයෙන් විස්තර කිරීමේදී ‘‘විකාර නිම්නය’’ ලෙස ස`දහන් වුවත්, එහි සැබෑ අරුත නම් තමාට ප‍්‍රමාණවත් නොවන ජීවීන්ගේ අනුකරණයන් හමු වූ විට මිනිසුන් තුළ ඇති වන නොසන්සුන් හැගීමයි. මෙම චිත‍්‍රපට දෙකෙහිම චිත‍්‍රපටයෙන් සියයට අසූවක් පමණ සීජීඅයි හෙවත් පරිගණකයෙන් ජනනය කරන ලද නිරූපණ මගින් ඉදිරිපත් කෙරේ. ඇන්ඩි සර්කිස්ගේ ‘‘මොග්ලි- ලෙජන්ඞ් ඔෆ් ද ජංගල්’’ චිත‍්‍රපටයේ කතා සාරාංශය මෙසේ ය. ඉන්දියානු වන සතුන් නරඹන්නන් පිරිසක් කැලෑවක ගමන් කරද්දී, ප‍්‍රචණ්ඩ බෙංගාල ව්‍යාඝ‍්‍රයෙකු වන ෂෙයාර් ඛාන් විසින් ඔවුන්ව වනාන්තර නීතිය කඩකරමින් දඩයම් කිරීම සහ මිනිස් පවුලක් ක‍්‍රීඩා සඳහා මරා දැමීම චිත‍්‍රපටයේ ආරම්භයේදී දක්නට ලැබේ. එයින් දිවි ගලවා ගන්නේ එක් දරුවෙකු පමණි. එම ස්ථානයට ඇදී යන බගීරා හෙවත් කඵ කොටියා, කා නම් ඇනකොන්ඩා ගැහැණු සත්වයා සහ බාලෝ නම්...

විහිළුකාරයින් නැති හාස්‍යයක්- දුෂ්ටයන් නැති ඛේදවාචකයක් ‘‘PARASITE’’

Image
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී 92 වන වරටත් පැවැති 2020 ඔස්කාර් සම්මාන හෙවත් ඇකඩමි සම්මාන උළෙලේ, ඉතිහාසයේ ප‍්‍රථම වරට ඉංග‍්‍රීසි බසින් නොවන චිත‍්‍රපටයක් හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍රවීම විශේෂත්වයක් විය. පැරසයිට් නම් වූ දකුණු කොරියානු චිත‍්‍රපටය එලෙස එම උළෙලේදී හොඳම චිත‍්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම විදෙස් චිත‍්‍රපටය සහ හොඳම තිර රචනය සඳහා වන සම්මාන හතරම හිමි කරගනිමින් වැඩිම සම්මාන දිනාගත් චිත‍්‍රපටය බවට පත් විය. ඔස්කාර් සම්මාන ඉතිහාසයේ හොඳම චිත‍්‍රපටය සඳහා වන සම්මානය දිනාගත් ඉංග‍්‍රීසි නොවන පළමු චිත‍්‍රපටය බවට පැරසයිට් නොහොත් පරපෝෂිතයා හදුනාගත හැක. පැරසයිට් චිත‍්‍රපටයේ කතා රචකයා හා තිර රචකයාද වන බොන්ග් ජූන් හො හොඳම අධ්‍යක්ෂවරයා ලෙස මෙහිදී සම්මානයට පාත‍්‍ර විය.  බොන්ග් ජූන් හො පැරසයිට් චිත‍්‍රපටය ”විහිළුකාරයින් නැති හාස්‍යයක්, දුෂ්ටයන් නැති ඛේදවාචකයක්” ලෙස හදුන්වා දෙයි. මෙය සමාජ ආර්ථික වර්ණාවලියේ ප‍්‍රතිවිරුද්ධ දෙකෙළවරේ සිටින පවුල් දෙකක කතාවකි. සිනමාපටයට පරපෝෂිතයා යන් අර්ථය පසක් කරන තේමාවක්ම යොදාගෙන ඇත්තේ ද කොරියාවේ පහළ සමාජ පන්තිය නියෝජනය කරන අනුන්ගෙන් යැපෙන පවුලක...

හුදෙකලා වූ අසීමාන්තික පේ‍්‍රම වෘත්තාන්තය- ‘‘96’’

Image
ඉන්දීය දමිළ සිනමා පේ‍්‍රක්ෂකයන්ගෙන් ඔබ්බට ලෝකවාසී සිනමා ප්‍රේක්ෂක හදවත් වැළදගත්, සී. පේ‍්‍රම් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘96’’ චිත‍්‍රපටය අසීමාන්තික වූ පේ‍්‍රමයක නිිරූපණයක් සේ හැදින්විය හැක. 1996 වර්ෂයේදී තන්ජාවූර් හි පෞද්ගලික පාසලක 10 වන පන්තියේ සිටි සිසුවියක් වන ජන්කි දේවි නොහොත් ජානු (ත‍්‍රිෂා ක‍්‍රිෂ්ණන්) සහ ඇගේ පෙම්වතා ලෙස පෙනී සිටින සිසුවෙකු වන හුදකලා හදවතක් හිමි රාම් (විජේ සේතුපති) මෙහි කථා නායකයින් බවට පත් වේ. රාම්ගේ සහ ජානුගේ අතීතාවර්ජනයකින් මෙම ආදර කතාවේ බීජය නිරූපණය කළත්, සිනමාපටය වෙනත් කාල වකවානුවකින් ආරම්භ වේ. ඒ 1996න් වසර විස්සකට පසුව ය. මෙම අවධීන් දෙක තුළ දෝලනය වන සිදුවීම් පෙළකින් කථාව පැය දෙකහමාරක් දිවේ. රාම්  ඡායාරූප ශිල්පියෙකු ලෙස හුදෙකලා ස්ථානවල ඇති සුන්දරත්වයම තම කැමරාව තුළ සටහන් කරගන්නේ මිනිස් හදවත් වෙනස් වුණත්, සොබා අලංකාරයේ ඇති සුන්දරත්වය සහ අවංකභාවය නොවෙනස් බැවිනි. ඔහු තම සංස්කාතියට සහ තම මිනිසුන්ට බෙහෙවින් ආදරය කරයි. තම ශිෂ්‍යයින්ට දිනය පුරා ජංගම දුරකථන ක‍්‍රියා විරහිත කර එකිනෙකා හා කථා නොකර  ඡායාරූප නොමකා ලබා ගැනීමට පොළඹවන්නේ නිර්ව්‍යාජීත්වය රස ...

අදූර් ගෝපාල් ක‍්‍රිෂ්ණන්ගේ - ස්වයංවරම්

Image
ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ ප‍්‍රකට සිනමාකරුවෙක් වන අදූර් ගෝපාල් ක‍්‍රිෂ්ණන්ගේ සිනමා භාවිතය තුළ 1972 දී, හොදම අධ්‍යක්ෂණය, හොදම චිත‍්‍රපටය, හොදම කැමරාකරණය හා හොදම නිළිය යන අංශ සදහා ජනාධිපති සම්මානය දිනා ගන්නා ලද ඔහුගේ "ස්වයංවරම්" චිත‍්‍රපටය වැදගත් වේ. සත්‍යජිත් රායි "පාතර් පංචාලි" තුළින් බෙංගාලි සිනමාව ජගත් සිනමා සිතියමෙහි සළකුණු කලාක්, මෙන් ස්වයංවරම් තුළින් අදූර් කේරළ සිනමාව සටහන් කරමින් ජගත් අවධානය ග‍්‍රහණය කර ගන්නට සමත් විය.  චිත‍්‍රපටය ආරම්භ වන්නේ බස්රියක ඇතුළත දර්ශනයකිනි. මුල් දර්ශනයේදී ම මගීන් අතර සිටින විශ්වම් හා සීතා රූපයට හසු වේ. ඔවුන් රහසින් පැන යන පෙම්වතුන් යුවළකි. තමාට දකින්නට, අසන්නට ලැබෙන අඵත් දේ සීමා රහිත ලෙස ඇගේ සිත් ගන්නා බව පෙනේ. විශ්වම් ද සතුටින් සිටින නමුත් අනාගතය පිළිබද අවිනිශ්චිත භාවයක් ඔහු තුළ ද දැවටෙන බව පෙනේ. පේ‍්‍රමයෙන් දීප්තිමත් වූ දින කීපයක් හෝටලයේ ගෙවී යයි. වියදම් අඩු හෝටලයක ලැගුම් ගැනීමට ඔවුන් දෙදෙනා ම යති. අපිරිසිදු කුඩා කාමරයක් ඔවුන්ට ලැබේ. ඒ අවට බේබද්දන් සිටින කලහකාරී පරිසරයකි. ඔවුන් එතැනින් ඉවත්ව කුඩා ගෙයක නැවතීමට යයි. කුඩා සහල් කඩයක්...

උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර- ඝරසරප

Image
‘‘උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර. කුමාරයෙක් උණත් මං යකෙක්. අනෙක් අතට යකෙක් උණත් මං කුමාරයෙක්. කට වැහුවට වැඩක් නෑ, මං රිංගන්නෙ රස නහර වලට. ඇස් වැහුවට වැඩක් නෑ. මං රිංගන්නෙ සිතිවිලි අතරට. ඒ නිසා ඔය සිතිවිලි අතරට කොමාවක් මිස නැවතීමේ තිතක් එහෙම තියන්ට එපා ආයුබොවන්ඩ.’’ කඵ කුමාර සංකල්පයේ එන අදහස් සමුච්චයකින් ආරම්භ වන සිනමාපටයේ ඊළග මොහොතේ සදරැස් හා විද්‍යාගේ දෑස් හමුව නිසා කම්පාවට පත්වන කඵ කුමාර යක්ෂයාගේ අඳෝනාවකින් චරිත හදුන්වාදීම සිදුවේ.  බටහිර මනෝවිද්‍යාව හා ලාංකේය ශාන්තිකර්ම අතර පවතින එකිනෙක මුහු නොවූ නමුත් එකම ප‍්‍රස්තුථ ගැටඵවකට පිළියම් ගෙනෙන්නා වූ සංකල්පයක් පිළිබ`දව සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප තුළින් සාකච්ඡා කරයි. දේශීය සාම්ප‍්‍රදායික දැනුම පරයා බටහිර දැනුම ඉස්මතු වන බවට බොහෝ මතධාරීන් මැත දෙඩවුව ද, දැනුම යන්න විහිදී යාම පිළිබදව අප අවධානයෙන් සිටිය යුතුය. දැනුම් පද්ධති ගණනාවක් ලොව පුරා ක‍්‍රියාත්මක වේ. එකම ආගමක හෝ දර්ශනයක ධර්මයක් හෝ දැනුමක් වුවත් විවිධ සංස්කෘතීන් වෙතට ගමන් කරන්නේ ඒ ඒ සංස්කෘතීන් වලට අනුරූප වෙමිනි. සංස්කෘතියට සහ සභ්‍යත්වයට අනුව පිළිවෙත් සහ ක‍්‍රියාකාරකම් විවිධාකාර...

ගණිතයට තාල එක් කළ තාල

Image
පවුලේ සියලූ දෙනාට එකට හිද සිනමාපටයක් බැලීමේ හැකියාව නොමැති යුගයක් පසු කරගෙන ආ ශ‍්‍රී ලාංකේය සිනමාව, අද වන විට සිනමා සාක්ෂරතාව යම් මට්ටමකින් දියුණු කරගෙන ඇතැයි පැවසීම මුසාවක් නොවනු ඇත. සිනමාව යනු සමාජ යථාර්ථය පිළිබිඹු කරන මාධ්‍යයක් වුව ද, සමාජයේ යම් යම් ආකල්ප වෙනස් කිරීමේ හා නිර්මාණය කිරීමේ හැකියාවෙන් පරිපූර්ණ බව ද කිව යුතුය. කද දකුණු ඉන්දියාවෙනුත් හඩ ලංකාවෙනුත් පෝෂණය වී ආරම්භ වූ අනුකාරකවාදී ලාංකේය සිනමාව, පනහ දශකයෙන් පසු දේශීයත්වය, දේශ මාමකත්වය පදනම් කරගෙන සිනමාවට අතපෙවීය. හැටේ දශකයේදී ආරම්භ වන තාරුණ්‍යයේ නැගිටීම හැත්තෑව දශකය වන විට විවෘත ආර්ථිකය හා පොර බදින තාරුණයාගේ චිත්ත සන්තානය පිළිබිඹු කරන්නට සමත් විය. එහි ඡායා මාත‍්‍ර ලක්ෂණ අසූව දශකය පුරා විහිදී පැවතිය ද, අනූව දශකය ආරම්භ වන්නේ ම සිල්ලර කාමාග්නිය පදනම් කරගත් නිල් චිත‍්‍රපට රැුල්ලකිනි.  දෙදාහ වසර පමණ වන විට ආරම්භ වන සම්භාව්‍ය චිත‍්‍රපට උළෙලවල් අරමුණු කරගත් සිනමා රැුල්ල විවිධ තේමාවන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය විය. මේ අතර කොළඹ අභිබවා ගිය ගමේ පාසල වෙත පේ‍්‍රක්ෂක ආකර්ශණය යොමු කරමින් ආරම්භ වූ සිනමා රැුල්ලක් හෝ ගානා පොකුණ, පහ සම...