ගණිතයට තාල එක් කළ තාල
පවුලේ සියලූ දෙනාට එකට හිද සිනමාපටයක් බැලීමේ හැකියාව නොමැති යුගයක් පසු කරගෙන ආ ශ‍්‍රී ලාංකේය සිනමාව, අද වන විට සිනමා සාක්ෂරතාව යම් මට්ටමකින් දියුණු කරගෙන ඇතැයි පැවසීම මුසාවක් නොවනු ඇත. සිනමාව යනු සමාජ යථාර්ථය පිළිබිඹු කරන මාධ්‍යයක් වුව ද, සමාජයේ යම් යම් ආකල්ප වෙනස් කිරීමේ හා නිර්මාණය කිරීමේ හැකියාවෙන් පරිපූර්ණ බව ද කිව යුතුය. කද දකුණු ඉන්දියාවෙනුත් හඩ ලංකාවෙනුත් පෝෂණය වී ආරම්භ වූ අනුකාරකවාදී ලාංකේය සිනමාව, පනහ දශකයෙන් පසු දේශීයත්වය, දේශ මාමකත්වය පදනම් කරගෙන සිනමාවට අතපෙවීය. හැටේ දශකයේදී ආරම්භ වන තාරුණ්‍යයේ නැගිටීම හැත්තෑව දශකය වන විට විවෘත ආර්ථිකය හා පොර බදින තාරුණයාගේ චිත්ත සන්තානය පිළිබිඹු කරන්නට සමත් විය. එහි ඡායා මාත‍්‍ර ලක්ෂණ අසූව දශකය පුරා විහිදී පැවතිය ද, අනූව දශකය ආරම්භ වන්නේ ම සිල්ලර කාමාග්නිය පදනම් කරගත් නිල් චිත‍්‍රපට රැුල්ලකිනි. දෙදාහ වසර පමණ වන විට ආරම්භ වන සම්භාව්‍ය චිත‍්‍රපට උළෙලවල් අරමුණු කරගත් සිනමා රැුල්ල විවිධ තේමාවන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය විය. මේ අතර කොළඹ අභිබවා ගිය ගමේ පාසල වෙත පේ‍්‍රක්ෂක ආකර්ශණය යොමු කරමින් ආරම්භ වූ සිනමා රැුල්ලක් හෝ ගානා පොකුණ, පහ සම...