මළවුන් වෙනුවෙන් යුක්තිය හා සංහිදියාව අත්හැරි- පාංශු
1987- 1989 භීෂණ සමය තුළ සොල්දාදුවන් විසින් රැගෙන ගොස් අතුරුදහන් කරන සිය පුතු සොයා ගැනීම සදහා නඩු විභාගයකට මුහුණ දෙන රදා කුල කාන්තාවක් වන බබානෝනා (නීටා ප‍්‍රනාන්දු), හදුනාගැනීමේ පෙරෙට්ටුවේදී පැහැරගැනීමට සම්බන්ධ වූ ලයනල් නම් සන්නද්ධ කල්ලි සාමාජික සෙබළා හදුනා ගනී. ඇය වෙනුවෙන් පෙනී සිටින රජයේ තරුණ නීතීඥයා (ජගත් මනුවර්ණ) කිසිදු උන්දුවක් නොමැතිව මාස ගණනාවක නඩු වාර කිහිපයක් දිග්ගස්වයි. නමුත් උසාවි භූමියේදී ඇයට හමුවන හමුදා සෙබළාගේ ගැබ්බර බිරිද (නදී කම්මැල්ලවීර), අසනීපයෙන් පසුවන සිය සැමියාට සමාව ලබා දෙන්නැයි බබානෝනාගෙන් අයදියි. සයපෙති කුසුම ( Frangipani ) චිත‍්‍රපටය අධ්‍යක්ෂණයෙන් සිනමා කලාවට එක්වන, නීතීඥ විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවන නිර්මාණය පාංශු ය. කතාවට, තිරරචනයට, අධ්‍යක්ෂණයට මෙන්ම නිෂ්පාදනයට ඔහු විසින් දායකත්වය දක්වද්දී, දිමුතු දහනායක කාලිංගගේ කැමරා අධ්‍යක්ෂණයෙන් සහ සිතුම් සමරජීවගේ සංස්කරණයෙන් පාංශු හැඩගැන්වෙයි. නීටා ප‍්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ, රන්දික ගුණතිලක, සේවියර් කණිෂ්ක, ගයාන් ලක්රුවන්, මයුර පෙරේරා, නිල්මිණි බුවනෙක, ගේ‍්‍රස් ආරියවිමල්, යොහානි හංසික, මැල්කම් මචාඩෝ, ...