අකාලික වූ පේ‍්‍රමයක තතු හෙළි කරන- මිදුණු විශ්වය
වෙද හාමිනේ, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැුජන ටෙලි නාට්‍ය හා අග්නිදාහය, ගරිල්ලා මාර්කටින්, මහරජ ගැමුණු, සමනළ සංධ්වනිය හා ඝරසරප වැනි සිනමාපට පේ‍්‍රක්ෂකයා වෙත තිළිණ කරන ජයන්ත චන්ද්‍රසිරි නම් පර්යේෂණාත්මක නිර්මාණකරුවාගේ නවතම නිර්මාණය මිදුණු විශ්වය යි. සිනමාකරුවාගේ පර්යේෂණාත්මක අත්හදා බැලීම් වල ප‍්‍රතිඵලයක් ලෙස මින් පෙර වෙනත් සිනමාකරුවෙකු අවධානය යොමු නොකළ ප‍්‍රස්තුථයක් ඔහු සියුම් ලෙස ගනහැර පායි. කාලාත‍්‍රය හරහා භවාන්තරයෙන් ගමන් කිරීමේ පෙරදිග චින්තනයේ කුණ්ඩලීනි ශක්තිය නම් දාර්ශනික පදනම මත සිට ඉදිරිපත් කළ අකාල සන්ධ්‍යාව මෙන්ම, බටහිර චින්තනයේ මනෝ විද්‍යානුකූල දාර්ශනික පදනමෙහි මෝහන කර්මය තුළින් කාලතරණයෙන් භවාන්තර වෙත ගමන් කෙරෙන කථාංගයක් මිදුණු විශ්වය මගින් ගෙන එයි. වර්තමාන යුගයේ නාට්‍ය හා රංගකලා පුහුණු පාඨශාලාවක පුහුණුවීම් අතරතුර පුහුණුකරු වන වරේනිය විසින් කෙරෙන මෝහන කර්මයක් නිසා, පුහුණුවට පැමිණි සමධ්‍යා නම් තරුණියකගේ මනසින් වසර හැටකට පමණ පෙර ලංකාවේ ජීවත් වූ රාජිනී මදිරාක්ෂි නම් ප‍්‍රසිද්ධ සිනමා නිළියක් කාලතරණය කර භවාන්තරය හරහා විත් වරේනිය හා සංවාදයේ යෙදේ. ඔවුන්ගේ අදහස් හුවමාරුවේ ප...