අකාලික වූ පේ‍්‍රමයක තතු හෙළි කරන- මිදුණු විශ්වය

වෙද හාමිනේ, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැුජන ටෙලි නාට්‍ය හා අග්නිදාහය, ගරිල්ලා මාර්කටින්, මහරජ ගැමුණු, සමනළ සංධ්වනිය හා ඝරසරප වැනි සිනමාපට පේ‍්‍රක්ෂකයා වෙත තිළිණ කරන ජයන්ත චන්ද්‍රසිරි නම් පර්යේෂණාත්මක නිර්මාණකරුවාගේ නවතම නිර්මාණය මිදුණු විශ්වය යි. 

සිනමාකරුවාගේ පර්යේෂණාත්මක අත්හදා බැලීම් වල ප‍්‍රතිඵලයක් ලෙස මින් පෙර වෙනත් සිනමාකරුවෙකු අවධානය යොමු නොකළ ප‍්‍රස්තුථයක් ඔහු සියුම් ලෙස ගනහැර පායි. කාලාත‍්‍රය හරහා භවාන්තරයෙන් ගමන් කිරීමේ පෙරදිග චින්තනයේ කුණ්ඩලීනි ශක්තිය නම් දාර්ශනික පදනම මත සිට ඉදිරිපත් කළ අකාල සන්ධ්‍යාව මෙන්ම, බටහිර චින්තනයේ මනෝ විද්‍යානුකූල දාර්ශනික පදනමෙහි මෝහන කර්මය තුළින් කාලතරණයෙන් භවාන්තර වෙත ගමන් කෙරෙන කථාංගයක් මිදුණු විශ්වය මගින් ගෙන එයි. 


වර්තමාන යුගයේ නාට්‍ය හා රංගකලා පුහුණු පාඨශාලාවක පුහුණුවීම් අතරතුර පුහුණුකරු වන වරේනිය විසින් කෙරෙන මෝහන කර්මයක් නිසා, පුහුණුවට පැමිණි සමධ්‍යා නම් තරුණියකගේ මනසින් වසර හැටකට පමණ පෙර ලංකාවේ ජීවත් වූ රාජිනී මදිරාක්ෂි නම් ප‍්‍රසිද්ධ සිනමා නිළියක් කාලතරණය කර භවාන්තරය හරහා විත් වරේනිය හා සංවාදයේ යෙදේ.

ඔවුන්ගේ අදහස් හුවමාරුවේ ප‍්‍රතිඵලයක් ලෙස දෙදෙනා අතර පේ‍්‍රමයක් හට ගනී. රාජිනී තම වෘත්තියේ දුර්වල වන අවස්ථාවේදී වරේනියගේ මග පෙන්වීම නිසා ඇය හොදම නිළිය ලෙස රාජ්‍ය සම්මාන පවා හිමිකර ගනී. නමුත් රාජිනීව වරේනියට සම්බන්ධ කරන සමධ්‍යාද ඔහුට පේ‍්‍රම කරයි. ඇය මේ පිළිබද කිසිත් නොදනී. යම් අවස්ථාවක ඇගේ නාට්‍ය දෙබසක් හේතුකොටගෙන වරේනිය ඇය දෙස අනුකම්පාවෙන් බලයි. ඔහු ඇයට සියල්ල පැහැදිලි කරයි. 

මේ පිළිබද වරේනියගේ සිතෙහි මතු වන කණස්සල්ල හේතුකොට ගෙන සමධ්‍යාගේ මතය වන්නේ, මෙය ඔහුගේ සිත තුළ පවතින මනෝ ව්‍යාධි තත්වයක් බවත්, ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත්ය. 

රාජිනීගේ පේ‍්‍රම කථාව එලෙස අතරමං වුවත්, එම පේ‍්‍රමයේ සත්‍ය ඔහු වසර කිහිපයකට පසු හදුනාගනී. ඒ සිනමා පුවත්පතක හැට වසරක සංවත්සර කලාපයක රාජිනී විසින් එකල එවූ නූපන් පෙම්වතා ලියූ කවි සහ ඇය ඔහුට ලියූ පිළිතුරු කවි පදනම් කරගනිමිනි. 

ජයන්ත සමනළ සංධ්වනිය තුළින් මතු කළ අතරමං වූ ආදර කථාව මෙහිදී ද මතු කරයි. එය කාලය හරස් වූ ආදරයකි.

දෛවය නොවේ සරදම් කළේ- කාලයයි සරදම් කළේ

විශ්වයේ ඇතී- අදුරු සොදුරු- අභිරහස එය නම්...

රාජිනී ඔබ ඔතැන සිටියාද- රාජිනී මා මෙතැන සිටියාද 

අපට නොදැනි පොළොව- අපෙන් ගිලිහී යාද

ඒ කතා අතරේ- මට දැනුණු නුඹෙ සුවද- හීනයක් නොවේ...

අකාලික වූ පේ‍්‍රමයක තතු- කොහි තබන්නද සගවා

මට කියා දෙන්න රාජිනී...

ගීතය, අතරමං වූ ඔවුන්ගේ ආදර කතාවේ සියලූ තතු ගෙන හැරපායි.

සෑම පුද්ගලයෙකුටම පොදු වූ සංස්කෘතික වටපිටාව තුළ ජීවත් වන, නමුත් මනෝමය ලෝකයක සැරිසරන මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ ස්වරූපය ජයන්ත වරේනියගේ හා රාජිනීගේ චරිත තුළින් විශිෂ්ඨ ලෙස විවරණය කරයි.  


තම සිතැගි ඉටු කරගැනීම උදෙසා පුරුෂයා කාන්තාව යොදා ගැනීම පොදුවේ සෑම යුගයකම ක‍්‍රියාත්මක වන ආකාරය සිනමාපටය තුළින් සියුම්ව විවරණය කෙරේ. ගමෙන් කොළඹට එන රාජිනී චිත‍්‍රපට ක්ෂේත‍්‍රය තුළ රදවා, තමාගේ අවශ්‍යතාව පරිදි ඇයව හැසිරවීමට ඩන්කන් උත්සාහ කිරීම සහ වත්මන් යුගයේ වරේනිය අහඹුවකින් නමුත් හමුවන රාජිනී සමග සම්බන්ධ වීමට සමධ්‍යාව යොදා ගැනීම එම පුරුෂ මූලික අවශ්‍යතාව මතු කරයි. නමුත් කතා දෙකෙහිම අවසානය රාජිනී සහ සමධ්‍යා යම් අරමුණක් තුළ සාර්ථකත්වයක් ලැබීම කාන්තා අභිමථාර්ථ මුදුන් පත් කර ගැනීමකි. 

සිනමා නිර්මාණය තුළ තාක්ෂණික භාවිතය ඉතා සියුම් ලෙස නිර්මාණකරුවාගේ කටයුත්ත සාර්ථක කරයි. 1965 අවධියේ ලාංකීය සිනමාවේ ස්වරූපය, දේශපාලන, ආර්ථික හා සංස්කෘතිය පසුබිම ජයන්ත වඩා හොදින් අධ්‍යයනය කොට ඇත. එම යුගයේ සිනමාකරුවන්ගේ හා අනෙකුත් ශිල්පීන්ගේ භූමිකා සියුම් ලෙස ඉදිරිපත් කිරීමේදී මෙන්ම, සංගීතය, කලා අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය, ඇදුම් නිර්මාණය ආදිය ප‍්‍රතිනිර්මාණය කිරීමේදී  අධ්‍යක්ෂවරයා සියුම් ගවේෂණයන් සිදුකර ඇති බව පැහැදිලිය. 

උද්දික පේ‍්‍රමරත්න, චුලක්ෂි රණතුංග, උදාරි වර්ණකුලසූරිය, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධික ජයරත්න, දමිතා අබේරත්න, ඵෙශාරා අතුකෝරළ සහ කුසුම් රේණු ඇතුඵ සෙසු රංගන ශිල්පීන්ගේ විශිෂ්ඨ රංගන දායකත්වයෙන් මිදුණු විශ්වය හැඩ ගැන්වේ. 

ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දර්ශන මාපා පතිරණගේ

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


Comments

Popular posts from this blog

ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය

උං ඝරසරප කිව්වට මගේ නම කඵ කුමාර- ඝරසරප

ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග