හුදෙකලා වූ අසීමාන්තික පේ‍්‍රම වෘත්තාන්තය- ‘‘96’’
ඉන්දීය දමිළ සිනමා පේ‍්‍රක්ෂකයන්ගෙන් ඔබ්බට ලෝකවාසී සිනමා ප්‍රේක්ෂක හදවත් වැළදගත්, සී. පේ‍්‍රම් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘96’’ චිත‍්‍රපටය අසීමාන්තික වූ පේ‍්‍රමයක නිිරූපණයක් සේ හැදින්විය හැක. 1996 වර්ෂයේදී තන්ජාවූර් හි පෞද්ගලික පාසලක 10 වන පන්තියේ සිටි සිසුවියක් වන ජන්කි දේවි නොහොත් ජානු (ත‍්‍රිෂා ක‍්‍රිෂ්ණන්) සහ ඇගේ පෙම්වතා ලෙස පෙනී සිටින සිසුවෙකු වන හුදකලා හදවතක් හිමි රාම් (විජේ සේතුපති) මෙහි කථා නායකයින් බවට පත් වේ. රාම්ගේ සහ ජානුගේ අතීතාවර්ජනයකින් මෙම ආදර කතාවේ බීජය නිරූපණය කළත්, සිනමාපටය වෙනත් කාල වකවානුවකින් ආරම්භ වේ. ඒ 1996න් වසර විස්සකට පසුව ය. මෙම අවධීන් දෙක තුළ දෝලනය වන සිදුවීම් පෙළකින් කථාව පැය දෙකහමාරක් දිවේ.
රාම් ඡායාරූප ශිල්පියෙකු ලෙස හුදෙකලා ස්ථානවල ඇති සුන්දරත්වයම තම කැමරාව තුළ සටහන් කරගන්නේ මිනිස් හදවත් වෙනස් වුණත්, සොබා අලංකාරයේ ඇති සුන්දරත්වය සහ අවංකභාවය නොවෙනස් බැවිනි. ඔහු තම සංස්කාතියට සහ තම මිනිසුන්ට බෙහෙවින් ආදරය කරයි. තම ශිෂ්‍යයින්ට දිනය පුරා ජංගම දුරකථන ක‍්‍රියා විරහිත කර එකිනෙකා හා කථා නොකර ඡායාරූප නොමකා ලබා ගැනීමට පොළඹවන්නේ නිර්ව්‍යාජීත්වය රස විදීම ඔහුගේ ප‍්‍රාර්ථනය වන බැවිනි. ශිෂ්‍යයින් ඉදිරියේ වඩාත් කිපෙන සුඵ පුද්ගලයෙකු ලෙස ඔහු පෙනී සිටියි. එමගින් ඔහුගේ සිත තුළ හෙළිදරව් කළ නොහැකි මානසික කම්පනයක ස්වරූපයක් නිරන්තරයෙන් ඉස්මතු වේ. තම උපන් ගම වන තන්ජාවූර් හරහා යන රාම්, ඔහු අධ්‍යාපනය ලැබූ පාසල නැරඹීමට තීරණය කරයි.
රාම්ගේ පාසල් සංචාරය, ඔහුගේ ළමා කාලය පිළිබඳ සුන්දර මතකයන් සහ ඔහුගේ පළමු සහ එකම ආදරය වන ජානු වෙත ගෙන යයි. ඔහු ජංගම දුරකථන තාක්ෂණයේ ආධාරයෙන් පන්තියේ සිටි සියලූම මිතුරන් සමඟ සම්බන්ධ වන අතර 1996 කණ්ඩායම ලෙස නැවත එක්වීමට සියලූ දෙනා තීරණය කරයි. ඔහුට දැන් වයස අවුරුදු තිස් හතක් වන අතර අවසන් වරට තම මිතුරන් දැක වසර විසි දෙකක් ගතවී ඇත. තීරණය කරගත් දිනයේ නැවත හමුවන මිතුරු මිතුරියන් පිරිස පාසලේ එකට ගත කළ කාලය සිහිපත් කරන නමුත්, රාම් හුදෙකලාවම එම ස්ථානයේ රැදී සිටී.
මේ අවුරුදු ගණනාව පුරාම ඔහු ජීවත් වී ඇත්තේ තම අතීත ජීවිතයේ මතකයන් තුළ පමණි. ආදරය ඉදිරියේ ඔහු තවමත් දහහත් හැවිරිදි පිරිමි ළමයෙකුගේ මානසිකවත්වයක් පිළිබිඹු කරයි. එනිසාම ජානුගේ ස්පර්ශය ලබන සෑම අවස්ථාවකදීම රාම් ක්ලාන්ත වේ. නිරන්තරයෙන්ම ජානු ඉදිරියේදී මුවින් ගොඵ වන රාම් තම පේ‍්‍රමණීය සිතැගි සිත තුළින්ම ප‍්‍රශ්න කර විසදා ගනී. දින කිහිපයක් පාසලට නොපැමිණෙන ජානු එනතෙක් නොඉවසිල්ලෙන් පසු වන රාම්, ජානු අසනීපයෙන් සිට පැමිණි පසුවත් ඇය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි තරමට ඇය කෙරෙහි වන ගෞරවණීය පේ‍්‍රමයේ ප‍්‍රභලත්වය පෙන්නුම් කරයි. ඇය නිරන්තරයෙන්ම ඔහුගෙන් පේ‍්‍රමණීය ආයාචනය බලාපොරොත්තු වන නමුත්, එම ආයාචනය සදහා ඔහුට ශක්තියක් නොමැත. එනිසාම ඇය ඔහුට රිදවීමට කැමති ය. ඔහු ද ඇයගෙන් තම සිත රිදවා ගැනීමට ආශාවක් ඇති බව පෙන්නුම් කරයි. ඒ බව පාසලේදී ඇය ගීත ගායනා කරන සෑම අවස්ථාවකදීම ඔහු ඉල්ලන ගීතය ප‍්‍රතික්ෂේප කිරීම තුළින් ප‍්‍රත්‍යක්ෂ වේ.
මේ අතර හදිසියේම දෙදෙනාට වෙන්වීමේ අවස්ථාවන් සහ හමුවීම් මගහැරෙන අවස්ථාවන් පෙළගැසේ.
වසර විසි දෙකකට පසුව ජානුව මුණගැසීම රාම් විදගැනීම අතිශය මානුෂීය අවස්ථාවක් ලෙස ගොඩනගා ඇත. ජානු දැන් වයස අවුරුදු තිස් හතක පමණ සුන්දර යුවතියක් වන අතර එක් දියණියකගේ මවකි. ඇය විවාහ වී සිංගප්පූරුවේ පදිංචි වී සිටී. වසර ගණනාවකට පසු ජානු රාම්ව මුණගැසෙන අවස්ථාවේදී, රාම්ට ඇයට මුහුණ දීමට තරම් ශක්තියක් නැති බවත්, ඔහු සොයා යන ඇයට එක් වරම පෙනෙන්නේ පිටුපා සිටින දහ හත් හැවිරිදි රාම් ය. එය ඔහුගේ මානසිකත්වයේ ස්වරූපය පෙන්නුම් කිරීමට සිනමාකරුවා යොදන උපක‍්‍රමයකි. නමුත් පසුව, ඇයගේ හදවතේ පැලපදියම් වී ඇති ඔහු කෙරෙහි වූ පේ‍්‍රමය මතු කෙරෙන්නේ පාසල් කාලය තුළ ප‍්‍රතික්ෂේප කළ ඔහු ඉල්ලූ ගීතය ගායනා කිරීමෙනි.
ජානු සහ රාම්ට ඇත්තේ එක් සන්ධ්‍යාවක් පමණි. මන්ද යත්, සාදය නිමා වී පසුදා උදෑසන ඇය යළිත් ආපසු යා යුතු බැවිනි. ඇය නවාතැන් ගත් හෝටලයට රැගෙන යන්නේ රාම් විසිනි. ඔවුන් එකිනෙකා සමඟ වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ හදවත් තුළ සිරකරගෙන සිටි සියල්ල හෙළිදරව් කරගනී. සිනමාපටයේ පේ‍්‍රක්ෂකයා මේ වන විට ජානු සහ රාම් එකට සිටීමේ අවශ්‍යතාව පිළිබද අදහස මනසින් ප‍්‍රාර්ථනා කරයි. එය සමාජ සම්මතයට පටහැණි වුවත් තාර්කිකත්වයකින් ප‍්‍රශ්න නොකර ඒ පේ‍්‍රමය වෙනුවෙන් සුන්දර අවස්ථාවක් බලාපොරොත්තු වේ. ඒ තවමත් ඇය කෙරෙහි වූ පේ‍්‍රමය වෙනුවෙන් රාම් තනිවී සිටි බැවිනි. නමුත් ඇයගේ අතීත කථාව හෙළිදරව් වන විට විවාහය සදහා සූදානම් අවසාන මොහොතේදී පවා ඇය ඔහුව බලාපොරොත්තු වූ අයුරු ද එම විවාහ මංගලෝත්සවයේ ඔහු එතැන සිටි බවද දැනගන්නා පේ‍්‍රක්ෂකයා රාම් කෙරෙහි යම් තරහවක් ඇති කර ගනී. කථාව සහ එහි චරිත පේ‍්‍රක්ෂකයන් සමඟ සම්බන්ධ වන්නේ ඒ අයුරෙනි.
දමිළ සිනමාවේ නිරන්තරයෙන් දක්නට ලැබෙන වීර චරිත වන්දනාව මෙහිදී ඉවත්කර ඇත. සිනමාපටයේ මුල්ම කොටසේ කතන්දරය කීම සැලකිය යුතු මන්දගාමී ස්වරූපයකින් ඉදිරිපත් වේ. මන්දගාමී ස්වරූපය නිසා චරිතවල පේ‍්‍රමණීය වේදනාවත්, ඔවුන්ගේ සදාචාරාත්මක හා චිත්තවේගීය උභතෝකෝටිකයත් වඩාත් ඉස්මතු කොට දැක්වීමට සිනමාකරුවා සමත් වේ.
රාම් යනු සැබෑ ආදර වේදනාවේ ප‍්‍රතිමූර්තියකි. හුදෙක් ජානුව දැක ඇය ගැන සිතීමම ඔහුට සදහටම ජීවත් වීමට ප‍්‍රමාණවත් ය. ඔහු ඇයට සිත තුළින් නමස්කාර කරයි. එනිසාම ඔහු ඇයව ස්පර්ශ කිරීමට පවා බිය වේ. නමුත්, ජානු රාම් කෙරෙහි රූප වන්දනාව නොකරයි. ඇය ඔහුට සැබවින්ම ආදරය කරන්නීය. ජීවිතය පුරා ඇය හා එක්ව සිටීම ප‍්‍රාර්ථනා නොකරන ඔහු, සෑමදා ඇය තම නෙත් මානයේ තබා ගැනීම පමණක් ප‍්‍රාර්ථනා කරයි. ජානුගේ ගැටඵව වන්නේ ඇය තුළ රාම්ට ඇති ආදරය ප‍්‍රකාශ කරන්නේ කෙසේද යන්නයි. ඔහු ඇයව ශාරීරිකව වැලඳ ගැනීම ගැන සිහිනෙන්වත් නොසිතයි. ඔහුගේ ස්පර්ශය තුළින් ඇයව දූෂණය විය හැකි යැයි ඔහු සිතනවා විය හැක. ඇය කෙරෙහි ඔහු දක්වන භක්තියේ තරම එතුළින් විද්‍යමාන වේ.
සැකෙවින් සදහන් කළහොත්, 96 යනු හුදෙකලා වූ ආදර සබඳතා පිළිබඳ චිත‍්‍රපටයකි. රාම් ආදරය කරන තරමට ජානුට ආදරය කළ නොහැක. ජානූ වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වී සිටියදී පවා, ඇය රාම්ට ආදරය කරන තරමට වෙන කිසිවෙකුට ආදරය කළ නොහැක.
වයස අවුරුදු තිස් හතක් පමණ වන තරුණ රාම් සහ ජානුගේ රංගනයට නොදෙවෙනි රංගනයක භද්‍ර යෞවනයේ පසුවන රාම් හා ජානු නියැලෙයි. රාම්ගේ චරිතය හොදින් හදුනන ඥාති නැගෙනිය තම සහෝදරයාගේ ආදරය වෙනුවෙන් පාසල් යුගයේදී වගකීමකින් මෙන් ලබා දෙන උපකාරයේ තරමටම හාත්පසින් වෙනස් ක‍්‍රියාවලියක තරුණ යුගයේදී වගකීමකින් කටයුතු කරන්නීය. විවාහ වූ මවක් වන ජානුගේ සිත හදුනාගන්නා ඇය රාම් හා ජානු අතර ඇති වේ යයි විශ්වාස කරන සමීප ඇසුර වැළැක්වීමට දැඩි උත්සාහයක යෙදේ.
රාම් තනි කර ජානු වෙනත් පුරුෂයෙකු විවාහ වී තිබීම ද, ඔහු තවමත් ජානු පිළිබද ආදරයකින් පසු වීම ද ජානුගේ කම්පාවට හේතු වේ. ඇය රාම් කෙරෙහි සෙනෙහසකින් පසු වන ඔහුගේ ශිෂ්‍යාවක් පිළිබද ඉගියක් පවසන්නේ ද, ඔහු විවාහ විය යුතු යැයි අවධාරණය කරන්නේ ද ඇගෙන් සිදු වූ වරදක් කමා කිරීමට වැනි ය. නමුත් ඔහුගේ තීරණය වන්නේ, ජානුට ආදරයෙන් වෙනත් කෙනෙකු හා විවාහ විය නොහැකි බවයි. ඊට ඇගේ ප‍්‍රකාශය වන්නේ, ජානු රාම්ට ආදරයෙන් සිටින අතර සරනන් හා විවාහ වුණි නම් රාම්ට එසේ බැරි ඇයි? ද යන්නයි.
සංවේදී සමුගැනීමකින් රාම්ගේ දෑස් වසා ජානු නික්මෙද්දී සුදුරුදු පරිදි ඔහු දීර්ඝ වේලාවක් හුදෙකලාව එලෙසින්ම පසුවන අතර, කිසිදු මතක සලකුණක් නොමැතිව ඇගේ දෑස් කදුලින් තෙත් වෙද්දී, ඔහුගේ ස්මරණීය පෙට්ටගම ඇගේ ඇදුම් වලින් නැවුම් වේ. ඔහුගේ ඉදිරි ජීවිත කාලයම ඇගේ මතක සුවද හා මුසු වන බව පැවසෙන සංඥාවක් සේ අවසන් ජවනිකාව නිර්මාණය වී තිබේ.
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments
Post a Comment