සමාජ අශිෂ්ඨත්වය ඉදිරියේ කාන්තාව වෙනුවෙන් කාන්තාවම පෙනී සිටින- හුස්ම
මහා සංස්කෘතිය විසින් සගවන, විකෘති කාමාශාවන් සහිත පුරුෂයින් සෑම සමාජයකම අතොළොස්සක් වශයෙන් හෝ සිටිය හැකිය. ඒ අතර, මළ කාන්තා සිරුරු දූෂණය කිරීම පිළිබද තොරතුරු ලොව බොහෝ රටවලදී අසන්නට දකින්නට ලැබෙන තත්වයකි. 2015 දී ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කරන ලද හෙක්ටර් හර්නනෑන්ඞ්ස් වයිකන්ස් අධ්‍යක්ෂණය කළ The Corpse of Anna Fritx චිත‍්‍රපටයේ තේමාව, එයාකාරයෙන්ම ග‍්‍රහණය කර ගනිමින් 2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ‘‘හුස්ම’’ සිනමාපටය සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. එම තේමාවම 2020 දී ශ‍්‍රී ක‍්‍රිෂෝර්ගේ Devi Sri Prasad තෙළිගු චිත‍්‍රපටය තුළින් ද ඉදිරිපත් කෙරිණි. එම සිදුවීම් ඕනෑම සංස්කෘතියක සිදු විය හැකි බැවින්, ලංකාවේ චරිත සහ ස්ථාන මුල් කරගනිමින් නිර්මාණයට පාදක කොටගෙන තිබේ.
‘‘හුස්ම’’ සම්භාව්‍ය ගණයේ චිත‍්‍රපටයක් වශයෙන් හදුනාගැනීමට හැකි අතර, වැඩිහිටියන්ට පමණක් වන තේමාවක් නිසා පේ‍්‍රක්ෂකාගාරයේ තරමක අඩුවීමක් දක්නට ලැබිණ. සිනමාපටයේ සංකේත කියවීමට වඩා රංගන ශිල්පීන්ගේ දක්ෂතාව මත පේ‍්‍රක්ෂක ආකර්ශණය නිරන්තරයෙන් රදවාගැනීමට සමත් වේ. දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චමත්කා ලක්මිණි හා අංජන පේ‍්‍රමරත්න ඇතුළු අනෙකුත් රංගන ශිල්පීන්ගේ විශිෂ්ඨ රංගන දායකත්වය හුස්ම වෙත ලැබී ඇත.
සම්පූර්ණ චිත‍්‍රපටය රෝහලක මෝචරියක් ආශ‍්‍රිතව, පැය තුන හතරක් තුළ සිදුවන සිදුවීම් කිහිපයකි. තාරුකා විජේසිංහ නම් සුප‍්‍රසිද්ධ, දක්ෂ රංගන ශිල්පිනිය සම්මාන උළෙලකට සහභාගි වීම සහ ඇගේ සුන්දරත්වය, දක්ෂතාව නිසා විශිෂ්ඨ සම්මානයෙන් පිදුම් ලබන ආකාරය පිළිබ`ද විස්තර කථනයක පසුබිම් හඩකින් ආරම්භ වන සිනමාපටයේ රූප රාමුවලින් දිස්වන්නේ සුදු රෙද්දකින් වසා ට්‍රොලියක් මත තබා මෝචරියට රැගෙන එන ඇගේ මිනිය යි.
ට්‍රොලිය රැගෙන එන කුමාර (දසුන් පතිරණ) මෝචරිය තුළදී සුදු රෙද්ද මෑත් කර බලයි. තාරුකාගේ සිරුර දකින ඔහු ඡායාරූපයක් ගෙන, තම මිතුරන් දෙදෙනෙකුට යවයි. රුවන් (ඉසුරු ලොකුහෙට්ටිආරච්චි) සහ නාමල් (පුබුදු චතුරංග) වන මිතුරන් දෙදෙනා සාදයකට යන අතරතුර රෝහලට පැමිණේ. කුමාරගේ අකමැත්තෙන් නමුත්, තිදෙනාම මධුවිතක් තොලගාන අතර, රුවන්ගේ ඉල්ලීම මත තාරුකාගේ සිරුර බැලීමට මෝචරිය වෙත යයි. ඇගේ නිරුවත් සිරුර දකින රුවන්ට ඇගේ දේහය සමග ලිංගිකව හැසිරීමට අවශ්‍ය වෙයි. නාමල්ගේ දැඩි අකමැත්තෙන් වුව ද, නැවත මත්කුඩු ගන්නා රුවන් දේහය සමග ලිංගිකව හැසිරේ. අනතුරුව කුමාර ද ලිංගිකව හැසිරේ. නමුත් ඔහු එක්වරම දකින්නේ දෑස් හැර සිටින තාරුකාව ය. බිය වන ඔහු කෑගසමින් පසුපසට පනී.
මේ සිද්ධියෙන් කම්පනයට පත්වන මිතුරන් තිදෙනාගේ සිතිවිලි ගමන් කරන්නේ මාර්ග තුනක් ඔස්සේ ය. රුවන් තරමක් මුදල් ඇති පවුලක, මානසික විකෘතිතාවයකින් යුක්ත වූවකු බව හැසිරීමෙන් ගම්‍යමාන වේ. ඔහුගේ චරිතය තරමක් මුරණ්ඩු ය. තාරුකාගේ සිරුර තුළ තම ධාතු තැන්පත්ව ඇති බැවින් රුවන්ගේ තීරණය නිත්‍ය වශයෙන්ම ඇයව ඝාතනය කළ යුතු බවයි. කුමාරට තවමත් කළ යුතු කිසිවක් නොහැෙගන අතර, ඔහුට මතක් වන්නේ තමාගේ රස්සාව නැති වේ යැයි බියක් සහ තම මවට ඇති ආදරය නිසා පවතින ලැජ්ජාවක් සහ පොලීසියට හසු වේ යන බියකි. මෝචරිය ඔහුගේ කාර්යාලයයි. මොහොතින් මොහොත චංචල වන සිතක් කුමාරට පවතී.
නාමල් උසස් අධ්‍යාපනය හැදෑරූ යම්තාක් දුරකට ශිෂ්ටසම්පන්න තරුණයෙකු වන අතර මේ සිදුවන අශීලාචාර ක‍්‍රියාවලියට විරුද්ධව නැගීී සිටී. තාරුකාගේ රංගන කාර්යයන්ට ආදරය කරන ඔහු ඇයව බේරාගත යුතු බවට දැඩි තීරණයකට එළඹේ. රුවන්ගේ සහ නාමල්ගේ බහින් බස්වීම දුරදිග ගොස් අවසානයේ රුවන්ගේ පහරක් නිසා නාමල්ගේ හිස බරපතල ලෙස තුවාල වේ. කුමාරගේ ශිෂ්ඨත්වය මේ ක‍්‍රමය නොහොත් බහුතරය විසින් මරා දමන ආකාරය සංකේතවත් කෙරේ.
ඔහුව බේරාගන්නා ලෙස තාරුකා ඉල්ලා සිටියත්, රුවන් දිගින් දිගටම තමාගේ නිවැරදිභාවය තහවුරු කර ගැනීමට මිය යමින් සිටින තම මිතුරාගෙන් ඉල්ලීම් පසෙක ලා ය .
නමුත් නාමල් මිය යයි. තාරුකා නාමල්ගේ දුරකථනය ගෙන ඇගේ පියාට ඇමතුමක් ගනී. නමුත් හදිසියේ පැමිණෙන රුවන් එය දැක ඇයට පහර දෙයි. කුමාර නාමල්ගේ රුධිරය පිස දමන අතරතුර, රුවන් මිනිය සැගවීමට කුණු බක්කියක් ගෙන ඒමට යන මොහොතේ තාරුකා බිම ඇදෙමින් පැන යයි. නමුත් රුවන් තාරුකාව සොයා ගනී. නැවත ඇයව ඇදගෙන එන ඔහු, අකමැත්තෙන් වුවද කුමාරව සම්බන්ධ කරගෙන, රෙද්දකින් ඇගේ නහය සහ කට තද කරයි. ඇය මිය ගිය බව පසක් වේ.
තාරුකාගේ සිරුර පිරිසිදු කිරීම කුමාරට බාරදෙන රුවන් නාමල්ගේ මිනිය රැගෙන පිට වේ. රුවන් තාරුකාගේ සිරුර පිරිසිදු කරයි. නමුත් සිරුර පෙර පරිදි සකස් කර මෝචරියෙන් පිට වන විටම තාරුකාගේ කෙදිරිය කුමාරට ඇසේ. ඔහු ඇයට අසලට විත්, ‘‘මැරුණා වගේ ඉන්ඩ’’ යැයි ප‍්‍රකාශ කරන්නේ යම් ලෙංගතුකමක් මේ වන විට ඇය කෙරේ ඔහු තුළ මෝදු වෙමින් පැවතීම නිසා ය. ඔහු ඇගේ දේහය සමග ලිංගිකව හැසිරීමේදී පවා යම් ලෙංගතුකමක් සමග හැසිරුණු ආකාරය දිස්වේ. යමක් අමතක වීමේ කුහුලකින් පැමිණෙන රුවන් කුමාර සමග පිට වේ. නමුත් මෝචරියේ දොර අගුලූ නොලා පිටවීමට කුමාර සුක්ෂම වේ. ක්‍රෙඩිට් කාඞ් එක වැටී ඇති බව පවසන රුවන් නැවත මෝචරියට එන විට, තාරුකා ඇදුම් හැදගනිමින් ඉදිරියට පැමිණේ.
කුමාර ඇයව බේරාගැනීමට තැත් කළ බව පවසමින් පහර දෙන රුවන්ට, තාරකා කතුරකින් ඇන ඝාතනය කරයි. ‘‘අපි යන්ඩ ගියේ’’ කියමින් ඇය අසලට එන කුමාරගේ පපුවට ද ඇය කතුරෙන් අනී. ඔහු ද මිය යයි. සිතේ ඇතිවුණු කැළඹීම නැති වන තෙක් කිහිප වරක් ඔහුට පිහියෙන් අනින තාරුකා හඩමින් එතැනින් පිටවේ.
බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද, කේෂාන් පෙරේරාගේ සංගීතය සහ උරේෂා රවිහාරිගේ ගායනයෙන් සමස්ත කථාවේම අන්තර්ගතය මතුවන ගීතයකින් සිනමාපටය අවසන් වන්නේ, සමාජ අශිෂ්ඨත්වය විනාශ කර, අවසානයේදී කාන්තාව වෙනුවෙන් පෙනී සිටින්නේ කාන්තාවම බව පසක් කරමිනි.
අවරින් නැගෙනා ඉර මං දුටුවා- ඒ මළවුන් මේ නගරේ
ඇස පිස දමලා යළි මං බැලූවා- දෙපා වලසුන් අතරේ
ජීවිතයම ර`ගපානා- මිනිසුන් බැලූ මා සතර අතේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Comments
Post a Comment