Posts

අසීමිත පිය සෙනෙහසක ආත්මීය පූජාව- මිස් ජෙනිස්

Image
කොමඩි හෙවත් හාස්‍යොත්පාදක චිත‍්‍රපට බොහොමයක් පේ‍්‍රක්ෂකයින්ව බලෙන් හිනස්සවීමට උත්සාහ කරන අතර, චරිත හැසිරෙන ආකාරයෙන් නිර්ව්‍යාජීව පේ‍්‍රක්ෂකයා සිනහ සාගරයේ ගිල්වන චිත‍්‍රපට විරලය. විරල ගණයේ එවන් චිත‍්‍රපටයක් ලෙස සුසිරන් ද සිල්වාගේ ප‍්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන මිස් ජෙනිස් මේ වන විට දිවයින පුරා සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය වේ.  රැකියාවක් නොමැති වැඩිවියට පත් දියණියක් හා පුතෙකු සිටින මධ්‍යම පාන්තික පවුලක පියෙකුට මුහුණ පෑමට සිදුවන ආර්ථික ගැටඵ හමුවේ ඇතිවන සිදුවීමක් නිසා තම රැකියාවෙන් සමුගැනීමට සිදු වේ. රැකියාවෙන් නෙරපීම ඔහුගේ සියඵ කඩාවැටීම් වලට හේතු වන අතර, වෙනත් රැකියාවකට යොමු වීමට නොහැකි තත්වයක් උදා වේ. එනිසා පියාට තම දරු පවුල රැක ගැනීම උදෙසා කාන්තාවක් ලෙස ජීවත් වීමට සිදු වේ. දිවංගත ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන්ගේ විශිෂ්ට රංගන දායකත්වයෙන් ප‍්‍රධාන චරිත දෙක (මිස් ජෙනිස් සහ ලියොන් නම් පියාගේ චරිතය) නිර්මිත වේ.  ගිරිරාජ් කෞශල්‍ය, ජයලාල් රෝහණ, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, උදාරි පෙරේරා, රොෂාන් රණවන, මාදනි මල්වත්ත,  ඕෂධී හිමායා, ඇන්ජලෝ සංජීව් බාන්ස්, වසන්ත කුමාරසිරි, ගයාත‍්‍රි ඩයස්, කපිල සමරක

කම්පනයෙන් සවිමත් වූ මිනිසුන්ගේ කතාව- මාලන්ග් (Malang)

Image
දුර්වල මිනිසෙකුට පවා දැනෙන දැඩි කම්පනය, වේදනාව ඔහුව ශක්තිමත් මිනිසෙකු බවට පත් කරන බව ප‍්‍රස්තුත කරගනිමින් දිගහැරෙන මාලන්ග් චිත‍්‍රපටය, 2020 දී තිරගත වන හින්දි රෝමාන්තික චිත‍්‍රපටයකි. මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කළ මාලන්ග් සදහා අනිල් කපූර්, ආදිත්‍ය රෝයි කපූර්, දීෂා පටානි සහ කුනාල් කෙමූ විශිෂ්ට රංගනයෙන් දායක වේ. රළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් පරීක්ෂක නිලධාරියෙක් වන අංජනේ අගාෂේ (අනිල් කපූර්), තමා හදුනන අපරාධකරුවන් මරා දමා සුහදශීලී හමුවක් අතර මරා දමන මානසිකත්වයෙන් යුතු වූවෙකි. චිත‍්‍රපටය මුල් කොටසේදී අගාෂේ සමග සුහද කතාවක නිිමග්ම වන අපරාධකරුවෙකු වූ ෆැමිලි රෙස්ටුරන්ට් එකේ හිමිකරුට වෙඩි තබා බෝඞ් එකේ ෆැමිලි කොටසට ද වෙඩි තැබීමෙන්, අගාෂේගේ විසිරගිය පවුල පිළිබද ඉගියක් මතු කරයි. අගාෂේගේ දියණියට ගෝවා වැටලීමකදී වෙඩි තැබූ බව පසුව මතු කරයි.  අද්වයිට් (ආදිත්‍ය රෝයි කපූර්) යනු වසර පහකට පසු සිරෙන් නිදහස් වූ තරුණයෙකි. නිදහස ලැබීමෙන් පසු අද්වයිට් වහාම අගාෂේ අමතා පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක් ගැන දන්වා, ඔහුට සුබ සොලිස්ටිස් යනුවෙන් ප‍්‍රාර්ථනා කරයි. ඔක්තොම්බර් 24 සිට දෙසැම්බර් 24 දක්වා මාස දෙකක කාලයක්

ළමා සොල්දාදුවෙකුගේ අනුවේදනීය මතකය- First They Killed My Father

Image
ලෝ ප‍්‍රකට අමෙරිකානු නිළි ඇන්ජලීනා ජොලි අධ්‍යක්ෂණය කළ පළමු සිනමා නිර්මාණය  First They Killed My Father   නම් කාම්බෝජ-ඇමරිකානු ඛමර් භාෂා චරිතාපදාන ඵෙතිහාසික ත‍්‍රාසජනක චිත‍්‍රපටය යි. ජාතික ඛේදවාචකයක් පිළිබඳ දුර්ලභ සිදුවීම් දාමයක් දරුවෙකුගේ ඇස්වලින් සහ මනසින් කියැවෙන අතර චිත‍්‍රපටයක් ආඛ්‍යාන කොටගත් මෙම නිර්මාණය, කෙමර් රූජ් විසින් කාම්බෝජය අත්පත් කර ගැනීමෙන් පසු, ලෝංග් උංග් නම් කුඩා දැරියගේ සහ ඇගේ පවුලේ අත්දැකීම් පිළිබඳ උංග්ගේ මතක සටහන්, ඇන්ජලීනා ජොලි සහ ලෝංග් උං විසින් නැවත රචනා කර ඇත.   කාම්බෝජයේ නළු නිළියන්ම භාවිතා කර, කාම්බෝජයේ ඛමර් භාෂාවෙන් රූගත කළ,  First They Killed My Father  චිත‍්‍රපටය සදහා විශ්ෂ්ඨ රංගන දායකත්වයෙන් එක් වන ශ‍්‍රීමොච් සාරියම් කථා නායිකාව වන ලෝංග් උංග්ගේ චරිතය පණ ගන්වයි. ඇගේ පියා වන පාං උං ලෙස එක්වන්නේ කොම්පීක් ෆියුන්ග් ය. සොචෙටා ස්වෙන්ග් මා උං ලෙස ත් රංගනයෙන් දායකත්වය ලබා දෙයි. වියට්නාම් යුද්ධය අතරතුර, අමෙරිකා එක්සත් ජනපද හමුදාව උතුරු වියට්නාම හමුදාවන්ට බෝම්බ හෙලීමට පටන් ගත් විට, කාම්බෝජයේ සිවිල් යුද්ධය ආරම්භ කරමින්, මධ්‍යස්ථ භූමියේ රැකවරණය ලබා ගැනීමට උත්සාහ කිරීම

අකාලික වූ පේ‍්‍රමයක තතු හෙළි කරන- මිදුණු විශ්වය

Image
වෙද හාමිනේ, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැුජන ටෙලි නාට්‍ය හා අග්නිදාහය, ගරිල්ලා මාර්කටින්, මහරජ ගැමුණු, සමනළ සංධ්වනිය හා ඝරසරප වැනි සිනමාපට පේ‍්‍රක්ෂකයා වෙත තිළිණ කරන ජයන්ත චන්ද්‍රසිරි නම් පර්යේෂණාත්මක නිර්මාණකරුවාගේ නවතම නිර්මාණය මිදුණු විශ්වය යි.  සිනමාකරුවාගේ පර්යේෂණාත්මක අත්හදා බැලීම් වල ප‍්‍රතිඵලයක් ලෙස මින් පෙර වෙනත් සිනමාකරුවෙකු අවධානය යොමු නොකළ ප‍්‍රස්තුථයක් ඔහු සියුම් ලෙස ගනහැර පායි. කාලාත‍්‍රය හරහා භවාන්තරයෙන් ගමන් කිරීමේ පෙරදිග චින්තනයේ කුණ්ඩලීනි ශක්තිය නම් දාර්ශනික පදනම මත සිට ඉදිරිපත් කළ අකාල සන්ධ්‍යාව මෙන්ම, බටහිර චින්තනයේ මනෝ විද්‍යානුකූල දාර්ශනික පදනමෙහි මෝහන කර්මය තුළින් කාලතරණයෙන් භවාන්තර වෙත ගමන් කෙරෙන කථාංගයක් මිදුණු විශ්වය මගින් ගෙන එයි.  වර්තමාන යුගයේ නාට්‍ය හා රංගකලා පුහුණු පාඨශාලාවක පුහුණුවීම් අතරතුර පුහුණුකරු වන වරේනිය විසින් කෙරෙන මෝහන කර්මයක් නිසා, පුහුණුවට පැමිණි සමධ්‍යා නම් තරුණියකගේ මනසින් වසර හැටකට පමණ පෙර ලංකාවේ ජීවත් වූ රාජිනී මදිරාක්ෂි නම් ප‍්‍රසිද්ධ සිනමා නිළියක් කාලතරණය කර භවාන්තරය හරහා විත් වරේනිය හා සංවාදයේ යෙදේ. ඔවුන්ගේ අදහස් හුවමාරුවේ ප‍්‍රතිඵලය

මරණය ඉදිරියේ සිහින මවන ජීවිත රැගත්- දිල් බෙචාරා

Image
මුකේෂ් චබ‍්‍රා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘දිල් බෙචාරා’’ (අසරණ හදවත)    2020 දී ඉන්දියානු හින්දි බසින් තිරගත වන ආදර චිත‍්‍රපටයකි.  ජෝන් ග‍්‍රීන් ගේ 2012 නවකතාව වන ද ෆෝල්ට් ඉන් අපේ ස්ටාර්ස් මත පදනම් වන මෙම චිත‍්‍රපටය, ස්කොට් නියුස්ටැඩර් සහ මයිකල් වෙබර් විසින් රචනා කරන ලද මුල් තිර රචනය සඳහා අනුවර්තනය කරන ලද්දේ ශෂාන්ක් කයිතාන් සහ සුප්‍රෝතිම් සෙන්ග්පුටා විසිනි. සුෂාන්ත් සිං රාජ්පුත් සහ සංජනා සංගි ප‍්‍රධාන චරිත නිරූපණයෙන් දායක වේ. සුෂානත් සිංගේ ජීවිතයේ විශිෂ්ඨතම රංගනය දිල් බෙචාරා තුළින් ඉදිරිපත් කෙරේ. එසේම සුෂාන්ත් සිං රාජ්පුත් අවසන් වරට ර`ගපෑ චිත‍්‍රපටය වන්නේ ද මෙයයි. ඒ. ආර්. රහ්මාන්ගේ සංගීතයෙන් හැඩ ගැන්වෙන දිල් බෙචාරා හි ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අකල් වියෝව නිසා අන්තර්ජාලය මගින් පේ‍්‍රක්ෂකයින් වෙත පිළිගැන්විණි. කෙදිනක මැරෙන බව අමතක කර ජීවත් වන ලෝකයක, මරණය උරුමය කරගෙන, මරණය බලාපොරොත්තුවෙන් ජීවිතයේ සතුට සොයන මිනිසුන් පිළිබඳ විවරණයක් දිල් බෙචාරා චිත‍්‍රපටය තුළින් ගෙන එයි.  චිත‍්‍රපටය ආරම්භයේ සිටම තයිරොයිඞ් පිළිකාවකින් පෙළෙමින් මරණය බලාපොරොත්තුවෙන් සිටින කිසී බාසු

මළවුන් වෙනුවෙන් යුක්තිය හා සංහිදියාව අත්හැරි- පාංශු

Image
1987- 1989 භීෂණ සමය තුළ සොල්දාදුවන් විසින් රැගෙන ගොස් අතුරුදහන් කරන සිය පුතු සොයා ගැනීම සදහා නඩු විභාගයකට මුහුණ දෙන රදා කුල කාන්තාවක් වන බබානෝනා (නීටා ප‍්‍රනාන්දු), හදුනාගැනීමේ පෙරෙට්ටුවේදී පැහැරගැනීමට සම්බන්ධ වූ ලයනල් නම් සන්නද්ධ කල්ලි සාමාජික සෙබළා හදුනා ගනී. ඇය වෙනුවෙන් පෙනී සිටින රජයේ තරුණ නීතීඥයා (ජගත් මනුවර්ණ) කිසිදු උන්දුවක් නොමැතිව මාස ගණනාවක නඩු වාර කිහිපයක් දිග්ගස්වයි. නමුත් උසාවි භූමියේදී ඇයට හමුවන හමුදා සෙබළාගේ ගැබ්බර බිරිද (නදී කම්මැල්ලවීර), අසනීපයෙන් පසුවන සිය සැමියාට සමාව ලබා දෙන්නැයි බබානෝනාගෙන් අයදියි.  සයපෙති කුසුම ( Frangipani ) චිත‍්‍රපටය අධ්‍යක්ෂණයෙන් සිනමා කලාවට එක්වන, නීතීඥ විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවන නිර්මාණය පාංශු ය. කතාවට, තිරරචනයට, අධ්‍යක්ෂණයට මෙන්ම නිෂ්පාදනයට ඔහු විසින් දායකත්වය දක්වද්දී, දිමුතු දහනායක කාලිංගගේ කැමරා අධ්‍යක්ෂණයෙන් සහ සිතුම් සමරජීවගේ සංස්කරණයෙන් පාංශු හැඩගැන්වෙයි. නීටා ප‍්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ, රන්දික ගුණතිලක, සේවියර් කණිෂ්ක, ගයාන් ලක්රුවන්, මයුර පෙරේරා, නිල්මිණි බුවනෙක, ගේ‍්‍රස් ආරියවිමල්, යොහානි හංසික, මැල්කම් මචාඩෝ, දයා

අසමත් රාජ්‍යයක out of Focus ජීවිතයක්- සූස්ති

Image
හිතට එකගව ජීවත් වීමට නොහැකිව සියදිවි නසා ගැන්මට උත්සාහ කරන සූසා නම් තරුණියකගේ ජීවිතේ අවසන් තත්පරය තුළ ඇති සිතුවිල්ල සිනමාපටයක් ලෙස නිර්මාණය වූ මොහොතකි සූස්ති. කළණ ගුණසේකරගේ තිර රචනයෙන්, යූ. ඒ. පල්ලියගුරුගේ නිෂ්පාදනයෙන්, කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කරන සූස්ති, චින්තක සෝමකීර්තිගේ කැමරා අධ්‍යක්ෂණයෙන්, චිමන්ත මහානාමගේ සංස්කරණයෙන් නිම වේ.   කළණ ගුණසේකර, සමනලී ෆොන්සේකා, ඩබ්ලිව් ජයසිරි, මොරීන් චාරුනී හා දිෂ්නි උමංගි රාජපක්ෂගේ විශිෂ්ඨ රංගන දායකත්වයෙන් සූස්ති හැඩගැන්වේ. කොළඹට ආසන්න ගොඩනැගිල්ලක් මතින් පහළට පැන සියදිවි නසා ගැනිමට සැරසෙන සූසා නම් තරුණියකගේ පසුපස රූපයකින් සිනමාපටය ආරම්භ වේ. නමුත් පැනීමට සැරසෙන අවසාන මොහොතේ එතැනට පැමිණෙන්නේ තරුණයෙකි. ඇගේ ක‍්‍රියාව නතර කරන්නේ ඔහුගේ වචන කිහිපයකි. ‘‘අන්තිම තත්පරේ හිත ගැස්සෙනවා. තත්පරේක ප‍්‍රශ්නයක් තියෙන්නෙ.’’ ඔහු ද සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත. ඔහුගේ ඉල්ලීම, හතර දිග්භාගෙ ගිහින් ඇවිත් මිය යාමයි. ‘‘හැබැයි එක පොරොන්දුවක්. මැරෙන්නම  ඕන.’’ තරුණයාගේ ඉල්ලීම මත, දින හයක් රට වටේ ඇවිද නැවත කොළඹට පැමිණ සියදිවි නසා ගැනීමට ඇය එකග වේ.  සූසා පවතින යථාර්ථයට මුහුණ දීම