ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය
1938 වසරේදී ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන් විසින් සම්පාදනය කළ නවකතාවක් ලෙස විජයබා කොල්ලය පාඨකයා අතට පත්විණි. ඔහුගේ නව කතා කිහිපයක්ම සිනමාවට නැගුණේ, ඔහු සතුව තිබූ ආඛ්‍යානය තුළ සිදුවිම් එකනෙක බද්ධව ගලාගෙන යෑමේ සුන්දරත්වය හේතුකොට ගෙනය. කැලෑ හඳ, රදළ පිළිරුව, සිරියලතා, දෙයියන්ගේ රටේ, දෛවයෝගය, හඳපාන, හිගන කොල්ලා සිනමාවට නැගුණු ඒ නවකතා ය. කැලෑ හඳට පමණක් දෙවැනි වූ, විසිපස් වතාවක් මුද්‍රණය කළ විජයබා කොල්ලය, මේ අතරට එකතු වන අලූත්ම නවකතාව යි. පාඨකයා අතට පත් වූ මෙම ඵෙතිහාසික නව කතාව සිනමා පේ‍්‍රක්ෂකයා වෙත ගෙනයෑමේ සොදුරු ආඥාදායකයා වන්නේ, මහාචාර්ය සුනිල් ආරයරත්නයන්. යශෝධරා චිත‍්‍රපටයේ නිෂ්පාදක එච්.ඞී. පේ‍්‍රමසිරි මහතා මෙහිදී ද නිෂ්පාදන කාර්යයෙන් දායක වේ. නව කතාවේදී ඩබ්ලියු. ඒ. සිල්වා බැඳ තිබූ ඒ සියුම් හුය නොබිදෙන විදිහට ඇතැම් උපාඛ්‍යාන ඉවත් කර මේ පේ‍්‍රම වෘත්තාන්තය හා ඉතිහාසය එකට බද්ධ කර ඇති විජයබා කොල්ලය චිත‍්‍රපටයේ තිර රචනය, තිස්ස අබේසේකයන්ගේ අවසාන තිර රචනයයි. නමුත් ඔහු මෙහි දෙබස් ලියන්නට පෙර අභාවප‍්‍රාප්ත වීම නිසා මහාචාර්ය සුනිල් ආරිය...