Posts

ත‍්‍රිමාණ තාක්ෂණයෙන් රූගත කළ ශ‍්‍රී ලංකාවේ පළමු සිනමා නිර්මාණය- විජයබා කොල්ලය

Image
1938 වසරේදී ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන් විසින් සම්පාදනය කළ නවකතාවක් ලෙස විජයබා කොල්ලය පාඨකයා අතට පත්විණි. ඔහුගේ නව කතා කිහිපයක්ම සිනමාවට නැගුණේ, ඔහු සතුව තිබූ ආඛ්‍යානය තුළ සිදුවිම් එකනෙක බද්ධව ගලාගෙන යෑමේ සුන්දරත්වය හේතුකොට ගෙනය. කැලෑ හඳ, රදළ පිළිරුව, සිරියලතා, දෙයියන්ගේ රටේ, දෛවයෝගය, හඳපාන, හිගන කොල්ලා සිනමාවට නැගුණු ඒ නවකතා ය. කැලෑ හඳට පමණක් දෙවැනි වූ, විසිපස් වතාවක් මුද්‍රණය කළ විජයබා කොල්ලය, මේ අතරට එකතු වන අලූත්ම නවකතාව යි. පාඨකයා අතට පත් වූ මෙම ඵෙතිහාසික නව කතාව සිනමා පේ‍්‍රක්ෂකයා වෙත ගෙනයෑමේ සොදුරු ආඥාදායකයා වන්නේ, මහාචාර්ය සුනිල් ආරයරත්නයන්. යශෝධරා චිත‍්‍රපටයේ නිෂ්පාදක එච්.ඞී. පේ‍්‍රමසිරි මහතා මෙහිදී ද නිෂ්පාදන කාර්යයෙන් දායක වේ.                    නව කතාවේදී ඩබ්ලියු. ඒ. සිල්වා බැඳ තිබූ ඒ සියුම් හුය නොබිදෙන විදිහට ඇතැම් උපාඛ්‍යාන ඉවත් කර මේ පේ‍්‍රම වෘත්තාන්තය හා ඉතිහාසය එකට බද්ධ කර ඇති විජයබා කොල්ලය චිත‍්‍රපටයේ තිර රචනය, තිස්ස අබේසේකයන්ගේ අවසාන තිර රචනයයි. නමුත් ඔහු මෙහි දෙබස් ලියන්නට පෙර අභාවප‍්‍රාප්ත වීම නිසා මහාචාර්ය සුනිල් ආරිය...

සැබෑ මිත‍්‍රත්වයට විශිෂ්ට ආදර්ශයක්- බිල්ලූ/ Billu Barber

Image
ගෞරි ඛාන් විසින් නිෂ්පාදනය කර, අධ්‍යක්ෂ ප‍්‍රියදර්ශන් විසින් වසරේදී අධ්‍යක්ෂණය කරන ලද බිල්ලූ, ජීවිතයේ  ඕනෑම මොහොතක සුළු දෙයක් ලෙස පෙනෙන දේ පසුව වැදගත් විය හැකි බව පිළිබිඹු කෙරෙන සිනමා පටයකි. ළමා මිතුරන් දෙදෙනෙකු අතර සැබෑ මිත‍්‍රත්වයට විශිෂ්ට ආදර්ශයක් ලබා දීමෙන් පේ‍්‍රක්ෂක හදවත ස්පර්ශ කරන්නා වූ විශිෂ්ට නිර්මාණයකි.  හින්දි සිනමාවේ විශිෂ්ඨ තරු වන ඉර්ෆාන් ඛාන්, ෂාරුක් ඛාන්, ලාරා දත්තා,  ඕම් පූරි, රාජ්පාල් යාදව් හා අස්රානි රංගනයෙන් දායක වන බිල්ලූ හි වඩාත් කැපී පෙනෙන රංගනය ඉදිරිපත් කරන්නේ බිල්ලූ බාබර්ගේ චරිතයට පණ පොවන ඉර්ෆාන් ඛාන් ය. චිත‍්‍රපටය ආරම්භ වන්නේ බිල්ලූ, බාබර් සාප්පුව සඳහා ව්‍යාපාරික ණයක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරියෙකුට අල්ලස් දීමට දැරූ මංමුලා සහගත අහිංසක උත්සාහයෙනි. නමුත් ඔහු එය ප‍්‍රතික්ෂේප කොට බිල්ලූව එළවා දමයි. බුද්බුඩා නම් අර්ධ නාගරික ඉන්දියානු ගම්මානයක වෙහෙස මහන්සි වී වැඩ කරන බිල්ලූ නිහතමානී බාබර් කෙනෙකි. ඔහු මාස කිහිපයක සිට විදුලි බිල්පත් සහ දරුවන්ගේ පාසල් ගාස්තු නොගෙවීමේ තත්ත්වය යටතේ ඇතිවන දැඩි ආර්ථික පසුබෑම නිසා ණයක් ලබා ගැනීමට උත්සාහ ගත් බව අවධාරණය කෙරේ. නි...

සමාජ අශිෂ්ඨත්වය ඉදිරියේ කාන්තාව වෙනුවෙන් කාන්තාවම පෙනී සිටින- හුස්ම

Image
මහා සංස්කෘතිය විසින් සගවන, විකෘති කාමාශාවන් සහිත පුරුෂයින් සෑම සමාජයකම අතොළොස්සක් වශයෙන් හෝ සිටිය හැකිය. ඒ අතර, මළ කාන්තා සිරුරු දූෂණය කිරීම පිළිබද තොරතුරු ලොව බොහෝ රටවලදී අසන්නට දකින්නට ලැබෙන තත්වයකි. 2015 දී ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කරන ලද හෙක්ටර් හර්නනෑන්ඞ්ස් වයිකන්ස් අධ්‍යක්ෂණය කළ  The Corpse of Anna Fritx   චිත‍්‍රපටයේ තේමාව, එයාකාරයෙන්ම ග‍්‍රහණය කර ගනිමින් 2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ‘‘හුස්ම’’ සිනමාපටය සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. එම තේමාවම 2020 දී ශ‍්‍රී ක‍්‍රිෂෝර්ගේ  Devi Sri Prasad  තෙළිගු චිත‍්‍රපටය තුළින් ද ඉදිරිපත් කෙරිණි. එම සිදුවීම්  ඕනෑම සංස්කෘතියක සිදු විය හැකි බැවින්, ලංකාවේ චරිත සහ ස්ථාන මුල් කරගනිමින් නිර්මාණයට පාදක කොටගෙන තිබේ.  ‘‘හුස්ම’’ සම්භාව්‍ය ගණයේ චිත‍්‍රපටයක් වශයෙන් හදුනාගැනීමට හැකි අතර, වැඩිහිටියන්ට පමණක් වන තේමාවක් නිසා පේ‍්‍රක්ෂකාගාරයේ තරමක අඩුවීමක් දක්නට ලැබිණ. සිනමාපටයේ සංකේත කියවීමට වඩා රංගන ශිල්පීන්ගේ දක්ෂතාව මත පේ‍්‍රක්ෂක ආකර්ශණය නිරන්තරයෙන් රදවාගැනීමට සමත් වේ. දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙ...

හතරවන බලාණ්ඩුවට පහර දුන් ලුයියයි ගුණයි- The Newspaper

Image
යුද්ධය මිනිසුන් මුළා කරයි. මාධ්‍යය ද මිනිසුන් මුළා කරයි. වගකිව යුත්තන් මෙන්ම කිසිදු සම්බන්ධකමක් නොමැති අහිංසක මිනිස් ප‍්‍රාණයන් එම මුළාවන්ගෙන් සාපලත් ජීවිත ගත කරයි. පොළොන්නරුව ගල්ලෑල්ල විහාරස්ථානයේ හිමියන්ට අනුව සියලූ දුක් කම්කටොලූ වලට හේතුව, පෙර සංසාරයේ කරපු අකුසල් ය. සිනමාපටයේ ආරම්භයේ පටන් අවසානය දක්වා දුඃඛාන්තයකි. අතරින් පතර සිනහවක් මතු කෙරෙන තැන් කිහිපයකි. නමුත් ඒ සිනාසෙන්නේ අපටම නොවේදැයි ඒ මොහොතේම පසක් වන විට, සිනහව අතුරුදහන් වන්නේය. ප‍්‍රවීණ රංගන ශිල්පීන් යුගලයක් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ප‍්‍රධාන රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සිනමා ශාලාවට ආ නවතම සිනමා සිත්තමයි, The Newspaper. සිනමාපටයේ ආරම්භක නාමාවලිය යටින් දිවෙන උඩුයටිකුරු වූ පුවත්පත් ලිපි පෙළකි. සමාජයේ නිරන්තර කථාබහට ලක්වන යුධ, අපරාධ ආදී සිදුවීම් ඒ පුවත්පත් ලිපි තුළ සනිටුහන් වේ. ගුණා (සරත් කොතලාවල) පොළේ ඉවත දමන එළවලූ වලින් කුණු වූ හරිය ඉවත් කර තම මෑණියන් පෝෂණය කරයි. ගොවියෙකු ලෙස කටයුතු කළ ගුණාට සහ මෑණියන්ට වසර අටකට පමණ පෙර ගම්වැසියන් විසින් පහර දී ගමෙන් එළවන්නේ, ගුණාගේ මල්ලී කොළඹ රැකියාව කරන කාලයේ, හමුදා බස්රථයකට එල්ල කළ ...

සම්ප‍්‍රදායික චින්තනයේ සිරකරුවා- එළිපත්තායම් (Elippathayam)

Image
අදුර් ගෝපාල ක‍්‍රිෂ්ණන් ගේ සිනමා කෘති අතරෙන් වඩාත්ම අවධානයට හසුවූ චිත‍්‍රපටය වශයෙන් ”මී උගුල” යන අර්ථය දෙන ”එළිපත්තායම්” සැලකිය හැක. මිනිසෙක් සිය පරිසරය අවබෝධ කොට ගෙන ඊට අනුවර්තනය වන්නට දැරූ උත්සාහයක්, එළිපත්තායම් තුළින් නිරූපණය වේ. මිනිසෙක් වෙනස් වන ලෝකය අවබෝධ කොට නොගෙන සිය සම්ප‍්‍රදායික චින්තන ගති පැවතුම් රටාව තුළට සිරකරුවෙක් වන ආකාරය මෙහිදී නිරූපණය කර ඇත.  එහි මුඛ්‍ය චරිතය වූ උන්නි වැඩවසම් ක‍්‍රමයේ නශ්ටාවශේෂයක් බදු චරිතයකි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය රාජම්මා විවාහක නමුත් ඔහු අවිවාහක ය. වැඩිමහල් දරුවන් පවා සිටින ඇය දේපල සහ අස්වැන්නේ සිය පංගුව අයිති කර ගැනීමට බලා සිටී. ගෙදර සිටින සොහොයුරියන් දෙදෙනාගෙන් රාජම්මා සිය සොහොයුරාට දාසියක මෙන් සියඵ ඇප උපස්ථාන කරමින් වයස අවුරුදු තිස් ගණනක් වුව ත් අවිවාහකව පසු වෙයි. බාලයා වන ශ‍්‍රීදේවි නව ලොවට විවෘත වූ මනසකින් යුක්ත ය. රාජම්මා ගෙනෙන විවාහ යෝජනාවට උන්නි විරුද්ධ වෙයි. ඊට හේතුව තව දුරටත් දේපල බෙදී යතැ යි පවත්නා බියකි. උන්නි අලසයෙක් වන අතර, ඔහුගේ සියඵ බැල මෙහෙවර රාජම්මා විසින් කළ යුතු ය. ඔහුගේ දෙපා පළදින සෙරෙප්පු දෙක පවා ළගට ගෙනැවිත් දිය යුතු ය. ...

ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්- නමුත් ඔවුන් විෂමයි.- විෂම භාග

Image
‘‘සංගීත කාමරේට ගිහිල්ල උඹ ගණන් හැදුවද? ගණන් ඉගෙන ගන්න  ඕන නෑ. ගෙදර ගිහින් එක ගාණක් හැදුවද? ගණන් හදන්න එපා. සින්දු කිය කියම හිටපං. තෝව දාන්න  ඕන හතරෙ පන්තියට නෙමෙයි. තුනේ පන්තියට. පලයං’’ ජ්‍යාමිතික මනසකින් හෙබි ගණිත ගුරුවරයෙකි.  ‘‘නිදහස් කරන්න පුඵවන්. කැලේට. සින්දු කියාපුවහම උන්ට කප්රුක පහළ වෙනව කියලද හිතේ.’’ ඔහුගෙන් නොහොබිනා වචන අසමින් වදනකින් හෝ ඊට එරෙහි නොවන සංගීත ගුරුවරියකි. මිනිසුන්ගේ මනසේ ධාරණ ශක්තිය පවතින්නේ රූප සංඥා මගින් හෝ අංක සංඥා මගිනි. රූප සංඥා මත පිහිටන පිරිස් කලාවට සෞන්දර්යයට වැඩි නැඹුරුවක් දක්වන අතර, අංක සංඥාවලින් ධාරණය කරගන්නා අය ගණිතයට විද්‍යාවට වැඩි නැඹුරුවක් ඇති කර ගනී.    එනිසා සාම්ප‍්‍රදායික ගුරු කේන්ද්‍රීය පොදු ඉගැන්වීමේ රටාව වෙනුවට වර්තමානය වන විට දියුණු රටවල සාර්ථකව ක‍්‍රියාත්මක වන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමය පිළිබදව වැඩි නැඹුරුවක් දක්නට හැක. මෙම සංකල්පය පදනම් කරගනිමින්, ලාංකේය අධ්‍යාපන ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේ, ගණිත විෂය ඉගැන්වීම යටතේ, පස්වන පන්තියේ භාග ඉගැන්වීම් පාඩමෙහි, විෂම භාග නම් වූ පාඩම හසුකරගනිමින් සමස්ථ අධ්‍යාපන පද්...

බිහිසුණු ඇසිඞ් ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් වදින- චපාක් (Chhapaak)

Image
සුප‍්‍රසිද්ධ ලේඛිකාවක් හා සිනමා අධ්‍යක්ෂවරියක් වන මේඝ්නා ගුල්සාර්ගේ නිර්මාණ අතර බුද්ධිමත් මාවතකට පේ‍්‍රක්ෂකයා රැගෙන යන විශිෂ්ඨ සිනමා කෘතියක් වන්නේ චපාක් නිර්මාණයයි. ඉන්දියානු සමාජයේ නිරන්තරයෙන් සිදුවන ඇසිඞ් ප‍්‍රහාරයන්ට ලක්වන කාන්තාවන්ගේ ඉරණම පිළිබද සංවේදනාත්මක හෙළිදරව්වක් චපාක් තුළින් මතු කෙරේ. 2005 දී බිහිසුණු ඇසිඞ් ප‍්‍රහාරයකින් පිළිස්සී දිවි ගලවා ගත් නවදිල්ලියේ පහළොස් හැවිරිදි දැරියක වන ලක්ෂ්මි අගර්වාල්ගේ සැබෑ ජීවිත කතාව සිනමාපටයක් මගින් ඉදිරිපත් කිරීමට බලපත‍්‍රයක් ලබාගත් ගුල්සාර්, සම ලේඛිකා ආටිකා වොහාන් සමග ඇගේ කථාව තිරයට රැගෙන එයි. මෙහි ප‍්‍රධාන චරිතය වන අගර්වාල්ගේ චරිතය මෝල්ටි ලෙස හදුන්වා දෙන අතර, දීපිකා පදුකෝන් ඇගේ චරිතයට රංගනයෙන් දායක වේ.  අර්ගවාල්ගේ කතාවේ සාරය එලෙසින්ම පවත්වා ගනිමින් නම් ගම් සහ වයස ආදී සැබෑ තත්වයන් තරමක් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරන චපාක් ආරම්භ වන්නේ 2012 දී දිල්ලියෙහි සමූහ දූෂණයට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කළ යුතු බවට කෙරෙන උද්ඝෝෂණයකිනි. එහිදී උද්ඝොෂණකරුවන්ට පොලීසිය පහර දෙන අතර, එක් මිනිසෙකු රූපවාහිනී කැමරාවක් ඉදිරිපිට ඇසිඞ් ප‍්‍රහාරයකට ලක් වූ තරුණියකගේ ඡා...